E

smartlearner.lk

O/L 2018 Buddhism Smart MCQ paper paperSinhala medium

1. සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු පඬිවරයා

(1)

කොණ්ඩඤ්ඤ නම් වේ.

(2)

කාල දේවල නම් වේ

(3)

සර්ව මිත්‍ර නම් වේ.

(4)

සුදත්ත නම් වේ.

2. අංගුලිමාල, ආලවක කතා වලින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති

(1)

අසරණ සරණ ගුණයයි.

(2)

පුරිසදම්ම සාරථී ගුණයයි.

(3)

යථාවාදී තථාකාරී ගුණයයි.

(4)

තාදී ගුණයයි.

3. 3. සිදුහත් බෝසතාණන් 'කිං කුසලගවේසීව' සිටි අවධියේ පළමුව සත්‍ය සොයා ගියේ,

(1)

ආලාරකාලාම වෙතය.

(2)

කාල දේවල වෙතය.

(3)

භග්ගව වෙත ය.

(4)

කොණ්ඩඤ්ඤ වෙතය.

4. බුදුරජාණන් වහන්සේට වේරඤ්ජාවේදී ‘යව’ නැමැති කටුක ආහාරය වළඳමින් කල් ගෙවීමට සිදු වූයේ

(1)

දහවන වස් කාලයේදී ය.

(2)

දොළොස්වන වස් කාලයේදී ය

(3)

පසළොස්වන වස් කාලයේදී ය.

(4)

විසිඑක්වන වස් කාලයේදී ය.

5. ගිලානෝපස්ථානය බුද්ධ චරිතයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ අවස්ථාවකට නිදසුනක් වන්නේ

(1)

මට්ටකුණ්ඩලී කථා පුවත ය.

(2)

රජ්ජුමාලා කථා පුවත ය.

(3)

සෝපාක කථා පුවත ය.

(4)

පූතිගත්තතිස්ස කථා පුවත ය.

6. සිදුහත් කුමාරයා සරණපාවාගත් භද්දකච්චානා කුමරියගේ පියතුමා වූයේ

(1)

උදේන රජතුමා ය.

(2)

කෝලිය රජතුමා ය.

(3)

සුප්‍රබුද්ධ රජතුමා ය.

(4)

බිම්බිසාර රජතුමා ය.

7. "දානං සීලං ච නෙක්ඛම්මං” යන ගාථාවෙන් විස්තර වන්නේ

(1)

දස පාරමිතා පිළිබඳව ය.

(2)

දස රාජධර්ම පිළිබඳව ය.

(3)

දස සක්විතිවත් පිළිබඳව ය.

(4)

දස පින් කිරියවත් පිළිබඳවය.

8. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යන තුන් ආකාරයට සත්‍ය අවබෝධ කරන බව ධර්මයේ දැක්වේ. එම තුන් ආකාරය

(1)

තුන්තරා බෝධිය නම් වේ.

(2)

ත්‍රිවිධ චෛත්‍ය නම් වේ.

(3)

ත්‍රිවිධ රත්නය නම් වේ.

(4)

ත්‍රිශික්ෂා නම් වේ.

9. දාන පරමත්ථ පාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ

(1)

තමා සතු භෞතික දෑ දන්දීමයි.

(2)

ශරීර අවයව දන්දීමයි.

(3)

අඹු දරුවන් දන්දීමයි.

(4)

තම ජීවිතය දන්දීමයි.

10. යමක් ආරම්භ කිරීමේදී, ඉදිරිපත් වීමේදී හා නිරත වීමේදී නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කිරීමේ වටිනාකම විස්තර වන්නේ

(1)

සත්‍ය පාරමිතාවෙනි.

(2)

නෙක්ඛම්ම පාරමිතාවෙනි.

(3)

අධිෂ්ඨාන පාරමිතාවෙනි.

(4)

වීර්ය පාරමිතා වෙනි.

11. නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා වූ පිළිවෙත් රකිනා බැවින් මහා සංඝරත්නය

(1)

සුපටිපන්න නම් වේ.

(2)

උජුපටිපන්න නම් වේ.

(3)

ආහුනෙය්‍ය නම් වේ.

(4)

පාහුනෙය්‍ය නම් වේ.

12. සතර සංග්‍රහ වස්තුවට අයත් නොවන කරුණ වන්නේ

(1)

දානය යන්නයි.

(2)

සීලය යන්නයි.

(3)

ප්‍රිය වචනය යන්නයි.

(4)

සමානාත්මතාව යන්නයි.

13. පංචස්කන්ධය හෙවත් නාම රූප හේතු කොට ගෙන ෂඩායතන (ආයතන හය) ඇති වන බව හේතුඵල ධර්මයෙහි සඳහන් වේ. එම ආයතන හය

(1)

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, උපධි නම් වේ.

(2)

රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නම් වේ.

(3)

පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, ඉන්ද්‍රිය නම් වේ.

(4)

චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන නම් වේ.

14. භද්දාලි සූත්‍රයෙහි දැක්වෙන පරිදි ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ

(1)

රෝගාබාධ අඩු වීමයි.

(2)

සුවපහසු පැවැත්මයි.

(3)

කාය බලය ලැබීමයි.

(4)

මානසික බලය ලැබීමයි.

15. “කුසලාකුසල කර්ම රැස්කිරීම හේතු කොට ගෙන ප්‍රතිසන්ධි සිත පහළ වේ." යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ

(1)

“අවිජ්ජා පච්චයා සංඛාරා" යන්නයි.

(2)

“සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්නයි.

(3)

“විඤ්ඤාණ පච්චයා නාමරූපං" යන්නයි.

(4)

“උපාදාන පච්චයා භවෝ” යන්නයි.

16. “තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසු ය. වැඩදායක යහපත් දේ කිරීම අපහසු ය." යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය දැක්වෙන පිළිතුර තෝරන්න.

(1)

“යෝවේ වස්සතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ"

(2)

“නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති”

(3)

“සුකරානි අසාධුනි - අත්තනෝ අහිතානිච”

(4)

“අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති”

17. උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස “යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ” යනාදී ගාථාව ප්‍රකාශ කළේ

(1)

කොණ්ඩඤ්ඤ හිමි ය.

(2)

භද්දිය හිමිය.

(3)

මහානාම හිමිය.

(4)

අස්සජි හිමි ය.

18. බුදුදහමේ දැක්වෙන පරිදි යමක් ඇතිවීමට තවත් දෙයක් හෝ දේවල් කිහිපයක් බලපායි. මෙම අදහස ප්‍රකට වන බෞද්ධ සංකල්පය වන්නේ

(1)

පටිච්චසමුප්පාදයයි.

(2)

අහේතු අප්පච්චයවාදයයි.

(3)

අකිරියවාදයයි.

(4)

පුබ්බේකත හේතුවාදයයි.

19. යම් සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතින්නේ ද ඒතාක් කල් එම ගස නැවත නැවත ලියලන්නා සේ පුද්ගලයා ද නැවත නැවත සසර දුකට පත්වන්නේ

(1)

වෛරය හේතු කොට ගෙනය.

(2)

තණ්හාව හේතු කොට ගෙන ය.

(3)

මානය හේතු කොට ගෙන ය.

(4)

ථිනමිද්ධය හේතු කොට ගෙන ය.

20. ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ග අංගය වන්නේ

(1)

සම්මා ආජීව යන්නයි.

(2)

සම්මා වායාම යන්නයි.

(3)

සම්මා සති යන්නයි.

(4)

සම්මා සමාධි යන්නයි.

21. ලොව නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ කර ගැනීම පිණිස ඉවහල් වන බෞද්ධ භාවනා ක්‍රමය වන්නේ

(1)

ආනාපානසති භාවනාවයි.

(2)

මෛත්‍රී භාවනාවයි.

(3)

සමථ භාවනාවයි.

(4)

විදර්ශනා භාවනාවයි.

22. තමාට හැකියාව තිබියදීත් මහලු වියට පත් මව්පියන්ට නොසැලකීමේ ආදීනව දැක්වෙන සූත්‍ර දේශනාව

(1)

මංගල සූත්‍රයයි.

(2)

පරාභව සූත්‍රයයි.

(3)

සිගාලෝවාද සූත්‍රයයි.

(4)

පත්තකම්ම සූත්‍රයයි.

23. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දූ දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ

(1)

ඔවුන් වරදින් මුදවා ගැනීමයි.

(2)

ඔවුන් යහපත් කටයුතු වල යෙදවීමයි

(3)

සුදුසු කල්හි සම්පත් පවරාදීමයි.

(4)

නිවසෙහි වගකීම් පැවරීමයි.

24. “කවරෙක් සත්‍ය කියන්නේ ද කවරෙක් අසත්‍ය කියන්නේදැයි සැකය, විමතිය මතු කිරීම සුදුසු ය. සුදුසු තැන්හි ම ඔබ තුළ සැක ඉපදී තිබේ." යන ප්‍රකාශය තුළින් කියැවෙන්නේ

(1)

සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳව ය.

(2)

මහණ බමුණන්ගේ ස්වභාවය පිළිබඳව ය.

(3)

සත්‍ය හා අසත්‍ය ප්‍රකාශ පිළිබඳව ය.

(4)

ආගමික සහනශීලීතාව පිළිබඳව ය.

25. උත්සාහයෙන්, දෑත දෙපයේ මහන්සියෙන්, දහදිය හෙළා ධාර්මික රැකියාවක නිරතවීම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන්නේ

(1)

උට්ඨාන සම්පදා නමිනි.

(2)

ආරක්ඛ සම්පදා නමිනි.

(3)

කල්‍යාණ මිත්තතා නමිනි.

(4)

සමජීවිකතා නමිනි.

26. මරණින් මතු පළමු ආත්මභාවයේදී හෙවත් ඊළඟ භවයේදී විපාක දෙන කර්ම

(1)

දිට්ඨධම්මවේදනීය කර්ම නම් වේ.

(2)

උපපජ්ජවේදනීය කර්ම නම් වේ.

(3)

අපරාපරිය වේදනීය කර්ම නම් වේ.

(4)

අහෝසි කර්ම නම් වේ.

27. ජනක කර්මයට බාධා පමුණුවන, එහි බලය හීන කරවන කර්මය

(1)

කටත්තා කර්ම නම් වේ.

(2)

උපත්ථම්භක කර්ම නම් වේ

(3)

උපපීඩක කර්ම නම් වේ.

(4)

උපඝාතක කර්ම නම් වේ.

28. තිදොරින් සිදු කරන අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණ වන්නේ

(1)

ප්‍රාණඝාත යන්නයි.

(2)

අදත්තාදාන යන්නයි

(3)

කාමමිත්‍යාචාර යන්නයි.

(4)

අභිධ්‍යා යන්නයි.

29. පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ

(1)

සබ්බකාමී තෙරණුවෝ ය.

(2)

මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝ ය.

(3)

මහා කාශ්‍යප තෙරණුවෝය.

(4)

පාර්ශ්ව තෙරණුවෝ ය.

30. “බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතු” යනුවෙන් සෑම ඡේදයක් අවසානයේ දක්වමින් බුදුගුණ වර්ණනා කරමින් 'අමෘතාවහ’ නම් ග්‍රන්ථය රචනා කළ කතුවරයා

(1)

ගුරුළුගෝමි පඬිතුමා ය.

(2)

විද්‍යා චක්‍රවර්තී පඬිතුමා ය.

(3)

බුද්ධපුත්‍ර හිමිය.

(4)

ධර්මසේන හිමි ය.

31. බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා වන්දනය ජනප්‍රියවීමත් සමග ප්‍රතිමාවල ආරක්ෂාව සඳහා ගෘහයක් ඉදි වූ අතර එය

(1)

චේතියඝර නමින් හැඳින්වේ.

(2)

පධානඝර නමින් හැඳින්වේ.

(3)

පටිමාඝර නමින් හැඳින්වේ.

(4)

බෝධිඝර නමින් හැඳින් වේ.

32. පාලකයෙකු යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන ලෙස ස්ව කැමැත්ත මත අගතිගාමීව කටයුතු කිරීම

(1)

ඡන්දය ලෙස හැඳින්වේ.

(2)

ද්වේෂය ලෙස හැඳින්වේ.

(3)

භය ලෙස හැඳින්වේ.

(4)

මෝහය ලෙස හැඳින්වේ.

33. තමා උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වන ධම්ම පරියාය බුදුදහමේ හැඳින්වෙන්නේ

(1)

ලෝකාධිපති ධම්ම ලෙස ය.

(2)

අත්තාධිපති ධම්ම ලෙස ය.

(3)

ධම්මාධිපති ධම්ම ලෙස ය.

(4)

අත්තූපනායික ධම්ම ලෙස ය.

34. ගර්භයේ හැඩය කළයක ස්වරූපයෙන් ගොඩනංවන ලද ස්තූප හැඳින්වෙන්නේ

(1)

ධාන්‍යාකාර ස්තූප ලෙසයි.

(2)

ඝණ්ඨාකාර ස්තූප ලෙසයි.

(3)

ඝටාකාර ස්තූප ලෙසයි.

(4)

පද්මාකාර ස්තූප ලෙසයි.

35. තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන්නේ

(1)

දුසිල් මහණුන් සසුනින් නෙරපීම ය.

(2)

නවරට සසුන් පිහිටුවීමය.

(3)

අභිධර්ම පිටකයට කථාවත්ථුප්‍රකරණය එක්වීමය.

(4)

ධර්ම විනය රැකගෙන යාමට භාණක පරපුරකට පැවරීම ය.

36. එවකට පිරිහී තිබූ ආගම දහම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් දේශ හිතෛෂී පිරිස් සමග එක් වී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවනු ලැබුවේ

(1)

හික්කඩුවේ සුමංගල හිමියන් විසිනි.

(2)

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසිනි.

(3)

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් විසිනි.

(4)

අනගාරික ධර්මපාලතුමන් විසිනි.

37. වැලිවිට සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ අතරට ඇතුළත් නොවන ග්‍රන්ථය වන්නේ.

(1)

මුනිගුණාලංකාරයයි.

(2)

බුදුගුණාලංකාරයයි.

(3)

සාරාර්ථ සංග්‍රහයයි.

(4)

සතර බණවර සන්නයයි.

38. දුටුගැමුණු මහරජතුමන් විසින් ඉදිකරනු ලැබූ ආගමික ගොඩනැගිලි පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.

(1)

ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, අභයගිරිය

(2)

රුවන්වැලිසෑය, මිරිසවැටිය, ජේතවනය

(3)

මිරිසවැටිය, රුවන්වැලිසෑය, ලෝවාමහාපාය

(4)

රුවන්වැලි සෑය, ථූපාරාමය, මිරිසවැටිය

39. මහනුවර රාජධානි යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙන ස්ථානය වන්නේ

(1)

හිඳගල විහාරයයි.

(2)

ගල් විහාරයයි.

(3)

තිවංක පිළිමගෙයයි.

(4)

මැදවල විහාරයයි.

40. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට දෙවන පෑතිස් රජතුමා ගොඩනැගූ ස්තූපය වන්නේ

(1)

මහියංගන චෛත්‍යයයි.

(2)

ථූපාරාම දාගැබයි.

(3)

ගිරිහඬු සෑයයි.

(4)

රන්කොත් වෙහෙරයි.