E

smartlearner.lk

O/L 2019 Buddhism Smart MCQ paper paperSinhala medium

1. සිදුහත් බෝසතාණන් වහන්සේ ‘සත්‍ය ගවේසීව' සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු අෂ්ඨ සමාපත්තිලාභීව සිටි තවුසාගේ නම කුමක් ද?

(1)

භග්ගව

(2)

කාලදේවල

(3)

ආලාරකාලාම

(4)

උද්දකරාමපුත්ත

2. “ආනන්දයෙනි, මේ රජගහනුවර සිත් අලවන සුලු ය. එසේම නිග්‍රෝධය සිත්කලු ය. චෞර ප්‍රපාතය සිත්කලු ය. යනාදී ප්‍රකාශය තුළින් කියැවෙන්නේ,

(1)

වස් විසූ ස්ථාන පිළිබඳව ය.

(2)

පාරිසරික සුන්දරත්වය ඇගයීමට ලක් කළ ස්ථාන පිළිබඳව ය.

(3)

සක්මන් කිරීම සඳහා භාවිත කළ ස්ථාන පිළිබඳව ය.

(4)

සරාගී බව වඩවන ස්ථාන පිළිබඳව ය.

3. මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති,

(1)

ගිලානෝපස්ථාන ගුණයයි.

(2)

අසරණ සරණ ගුණයයි.

(3)

සහනශීලී ගුණයයි.

(4)

අකප්‍ය ගුණයයි.

4. බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද?

(1)

අනුරුද්ධ හිමි

(2)

ආනන්ද හිමි

(3)

ධම්මාරාම හිමි

(4)

වක්කලී හිමි

5. “රහසත් පව් නොකොට කෙලෙසරයනුත් දුරු කොට” මෙම කවි දෙපදයෙන් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති කිනම් බුදු ගුණය ද?

(1)

සම්මා සම්බුද්ධ

(2)

අරහං

(3)

ලෝකවිදූ

(4)

සුගත

6. නිවත් පසක් කිරීමට අවශ්‍ය වන මනා පිළිවෙත් රකින බැවින් සඟරුවන,

(1)

සුපටිපන්න නම් වේ.

(2)

උජුපටිපන්න නම් වේ.

(3)

ඤායපටිපන්න නම් වේ.

(4)

සාමීචිපටිපන්න නම් වේ.

7. “දානං සීලං පරිච්චාගං” යන ගාථාවෙහි සඳහන් ධර්ම කරුණු හඳුන්වන පොදු නාමය කුමක් ද?

(1)

දස රාජ ධර්ම

(2)

දස පාරමිතා

(3)

දස පුණ්‍ය ක්‍රියා

(4)

දස කුසල්

8. කිසියම් පුද්ගලයකු, වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක් හෝ පිළිකුලක් ඇති කර නොගෙන සමසිත පැවැත්වීම ප්‍රකට කෙරෙන්නේ,

(1)

උපේක්ෂා පාරමිතාවෙනි.

(2)

මෛත්‍රී පාරමිතාවෙනි.

(3)

ක්ෂාන්ති පාරමිතාවෙනි.

(4)

අධිෂ්ඨාන පාරමිතාවෙනි.

9. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වය් යූකරකත ලෙනෙහි දී දේශනා කළ සූත්‍ර ධර්මය වන්නේ,

(1)

අම්බට්ඨ සූත්‍රයයි.

(2)

මහා සීහනාද සූත්‍රයයි.

(3)

වේදනා පරිග්‍රහ සූත්‍රයයි.

(4)

සෝණදණ්ඩ සූත්‍රයයි.

10. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ,

(1)

මැනවින් හික්මවීමයි.

(2)

මැනවින් ඉගැන්වීමයි.

(3)

තම මිත්‍රයන්ට හඳුන්වා දීමයි.

(4)

පවින් වැලැක්වීමයි.

11. දැහැමින් උපයාගත් ධනය පරිභෝජනය කළ යුතු ආකාරය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ ‘පත්තකම්ම සූත්‍රය' දේශනා කළේ,

(1)

උග්ග සිටුතුමාට ය.

(2)

අනේපිඬු සිටුතුමාට ය.

(3)

කොසොල් රජතුමාටය.

(4)

විශාඛා උපාසිකාවට ය.

12. පත්තකම්ම සූත්‍රයෙහි සඳහන් බලි සංකල්පයෙහි එන ‘දේවතා බලි' යන්නෙහි අර්ථය වන්නේ,

(1)

දෙවියන් උදෙසා සත්ත්ව බිලි පූජා පැවැත්වීම අනිවාර්ය බවයි.

(2)

දෙවියකු විසින් සත්ත්වයා මැවූ බවයි.

(3)

බිලි පූජා සඳහා දේවතාවකු යොදා ගත් බවයි.

(4)

ආගමික කටයුතු සිදු කරමින් දෙවියන්ට පිං දීම සිදු කළ යුතු බවයි

13. ගුරුවරුන්ට සවන්දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම ධර්මයේ හැඳින්වෙන්නේ,

(1)

චින්තාමය ප්‍රඥා නමිනි.

(2)

සුතමය ප්‍රඥා නමිනි.

(3)

භාවනාමය ප්‍රඥා නමිනි.

(4)

ඉන්ද්‍රියමය ප්‍රඥා නමිනි.

14. සංසාර නැමති සාගරය තරණය කිරීමට ඉවහල් වන, එසේම වැපිරිය යුතු බීජයක් ලෙස ද දක්වා ඇති, නිවන් මගට පිවිසීමට මුල්වන ධර්ම කරුණ වන්නේ,

(1)

භක්තියයි.

(2)

සද්ධාවයි.

(3)

තපසයි.

(4)

ඔත්තප්පයයි.

15. තමා ලබන ආදායමට සරිලන ලෙස වියදම හොඳින් දැන අයවැය මනාව පාලනය කර ගැනීම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන්නේ,

(1)

උට්ඨාන සම්පදා ලෙස ය.

(2)

ආරක්ඛ සම්පදා ලෙස ය.

(3)

කල්‍යාණමිත්තතා ලෙස ය.

(4)

සමජීවිකතා ලෙස ය

16. නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩිදියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන්හි යෙදීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි අන්තර්ගත වන්නේ කුමන මාර්ගාංගයට ද?

(1)

සම්මා වාචා

(2)

සම්මා කම්මන්ත

(3)

සම්මා ආජීව

(4)

සම්මා වායාම

17. මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන් ධර්මෝපදේශවලින් ප්‍රකට වන අර්ථය ඇතුළත් වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න.

(1)

සිතීමට හා විමසීමට අනුබල ලබා දෙයි.

(2)

යුතුකම් ඉටු කළ යුතු සමාජ කණ්ඩායම් පෙන්වා දෙයි.

(3)

නිවැරදි ධනෝපායන ක්‍රමෝපායයන් පිළිබඳ උගන්වයි.

(4)

මෙලොව පරලොව දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු ඉදිරිපත් කරයි.

18. බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ පරිදි යමෙක් දීර්ඝායුෂ්කව උපත ලැබීමට හේතු වන සාධකය වන්නේ,

(1)

අන් සැපතට ඊර්ෂ්‍යා නොකිරීමයි.

(2)

ප්‍රාණඝාතයෙන් තොර වීමයි.

(3)

ද්වේශ නොකිරීමයි.

(4)

මානයෙන් තොර වීමයි.

19. නිවන් මග ආවරණය කරන පංච නීවරණ ධර්ම අතර ‘ව්‍යාපාදය’ උපමා කොට ඇත්තේ,

(1)

පාසි සහිත ජලයකට ය.

(2)

කැළඹී ගිය ජලයකට ය.

(3)

බොර වී ගිය ජලයකට ය.

(4)

රත් වී උතුරන විට බුබුළු නැගෙන ජලයකට ය.

20. සිත කය දෙකෙහි නිතර පවතින නිදිමත හා උදාසීන ගතිය නීවරණ ධර්මයක් වන අතර, එය හැඳින්වෙන්නේ,

(1)

කාමච්ඡන්ද නමිනි.

(2)

ථිනමිද්ධ නමිනි.

(3)

උද්ධච්ච කුක්කුච්ච නමිනි.

(4)

විචිකිච්ඡා නමිනි.

21. භාවනාවට යොමු වන පුද්ගලයා විසින් හිඳීම, සිටීම, ඇවිදීම ආදී ඉරියව් පැවැත්වීම අවබෝධයෙන් සිදු කළ යුතු ය. එය ධර්මයේ හැඳින්වෙන්නේ,

(1)

ඉන්ද්‍රිය සංවරය නමිනි.

(2)

සති සම්පජඤ්ඤය නමිනි.

(3)

වේදනානුපස්සනා නමිනි.

(4)

කායානුපස්සනා නමිනි.

22. සමථ භාවනාව වැඩීමෙන් ලෞකික ජීවිතයට ලැබිය හැකි ප්‍රයෝජන ගණයට අයත් නොවන කරුණ කුමක් ද?

(1)

ලෝභාදී කෙලෙස් සිතිවිලි පාලනය වීම

(2)

අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වීම

(3)

සිත විසිරයාමට නොදී එකඟ කර ගැනීමට උපකාරි වීම

(4)

ත්‍රිලක්ෂණය පිළිබඳ මනා අවබෝධයක් ලැබිය හැකි වීම

23. “මම සම්බුද්ධ වෙමි, ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි" යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ,

(1)

කායික රෝගවලට ප්‍රතිකාර කළ බවයි.

(2)

ශල්‍යකර්ම සිදු කළ බවයි.

(3)

මානසික රෝග නිවාරණයට මග පෙන්වූ බවයි

(4)

උපස්ථායකයකු ලෙස කටයුතු කළ බවයි.

24. “මම තරුණවියේ පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස් කළේ ද නැත." ආදී වශයෙන් පසු තැවීමට හේතුවන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක් ද?

(1)

අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ

(2)

තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති

(3)

අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං

(4)

සුජීවං අහිරිකේන - කාකසූරෙන ධංසිනා

25. පස්කම් සැපතින් නික්මීම, අනුන් නොනැසීම හා අනුන්ට හිංසා නොකිරීම යන සංකල්පනාවන්ගෙන් යුක්ත වීම,

(1)

සම්මා දිට්ඨි නම් වේ.

(2)

සම්මා සංකප්ප නම් වේ.

(3)

සම්මා කම්මන්ත නම් වේ.

(4)

සම්මා ආජීව නම් වේ.

26. “ප්‍රතිසන්ධි සිත හේතුකොට ගෙන පංචස්කන්ධය ඇති වේ.” යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ,

(1)

“අවිජ්ජා පච්චයා සංඛාරා" යන්නයි.

(2)

“සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්නයි.

(3)

“විඤ්ඤාණ පච්චයා නාමරූපං” යන්නයි.

(4)

“නාමරූප පච්චයා සලායතනං” යන්නයි.

27. මංගල සූත්‍රයෙහි “අනවජ්ජානි කම්මානි” යන පාඨයෙන් කියැවෙන නිවැරදි කර්මාන්ත ගණයට අයත් නොවන්නේ,

(1)

කෘෂි කර්මාන්තයයි.

(2)

ගව පාලනයයි.

(3)

සත්ත්ව වෙළඳාමයි.

(4)

රාජ්‍ය සේවයයි.

28. “දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං” යන ධම්මපද ගාථාවෙන් දැක්වෙන්නේ,

(1)

සිතෙහි ස්වභාවයයි.

(2)

කයෙහි ස්වභාවයයි.

(3)

සංස්කාර ධර්මවල ස්වභාවයයි.

(4)

රූප ධර්මවල ස්වභාවයයි.

29. “කාලාමයෙනි, මේ දහම සපුරා ගත්, සමාදන් කොටගත් තැනැත්තාට අවැඩ පිණිසම වන්නේ යැයි යම් කලෙක ඔබට වැටහේ නම් එකල්හි එය බැහැර කළ යුතු ය.” මෙම ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ බුදු දහමේ එන,

(1)

විමර්ශනශීලී බවයි.

(2)

සත්‍යගරුක බවයි.

(3)

ප්‍රතිපත්තිගරුක බවයි.

(4)

උපායශීලී බවයි.

30. දස අකුසල කර්මවල මනෝ කර්ම ගණයට ගැනෙන අකුසල් ඇතුළත් වරණය කුමක් ද?

(1)

ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර

(2)

ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද

(3)

පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපා

(4)

අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි

31. “මොළොක් සහ තෙත් ගතියෙන් යුතුව ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීම” දසරාජධර්මවල හැඳින්වෙන්නේ,

(1)

සීලය නමිනි.

(2)

ඍජු බව නමිනි.

(3)

මෘදු බව නමිනි.

(4)

තපස නමිනි.

32. “කියනුව දිවාරැය - කෙරෙම් බුදුගුණ අලංකාරය” යනුවෙන් වටිනා කාව්‍ය ග්‍රන්ථයක් රචනා කළ කතුවරයා,

(1)

තොටගමුවේ රාහුල හිමි ය.

(2)

වීදාගම මෛත්‍රෙය හිමි ය.

(3)

වැලිවිට සරණංකර හිමි ය.

(4)

මයුරපාද පිරිවෙන්පති හිමි ය.

33. දෙවන හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් පාලකයින් දෙදෙනා,

(1)

ධර්මාශෝක සහ අජාසත්ත ය.

(2)

අජාසත්ත සහ කාලාශෝක ය.

(3)

කාලාශෝක සහ කණිෂ්ක ය.

(4)

කාලාශෝක සහ ධර්මාශෝක ය.

34. විභාෂා නමින් අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට, තඹ පත්තිරුවල ලියවා, සෙල්මුවා මඤ්ජුසාවල බහා ස්තූපයක තැන්පත් කරන ලද්දේ,

(1)

දෙවන ධර්ම සංගායනාවේ දී ය.

(2)

තෙවන ධර්ම සංගායනාවේ දීය.

(3)

අලුවිහාර සංගායනාවේ දී ය.

(4)

කණිෂ්ක සංගායනාවේ දී ය.

35. “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යන ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ අනගාරික ධර්මපාලතුමා සතුව පැවති

(1)

නිහතමානී බවයි.

(2)

නිර්භීත බවයි.

(3)

අවිහිංසාවාදී බවයි.

(4)

ප්‍රතිපත්තිගරුක බවයි.

36. බුදුරජාණන් වහන්සේ දෙලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම චිත්‍රයට නගා ඇති පොළොන්නරු යුගයට අයත් පූජනීය ස්ථානය කුමක් ද?

(1)

හිඳගල විහාරය

(2)

දිඹුලාගල ලෙන් විහාරය

(3)

තිවංක පිළිම ගෙය

(4)

මැදවල විහාරය

37. ශ්‍රී ලාංකික කලාකරුවාගේ කලා කුසලතාව මෙන් ම ධර්ම සන්නිවේදන ශක්‍යතාව ද ප්‍රකට කෙරෙන අග්‍රගණ්‍ය කලා නිර්මාණයක් වන්නේ,

(1)

පටිමාඝරයයි.

(2)

චේතියඝරයයි.

(3)

බෝධිඝරයයි.

(4)

සඳකඩපහණයි.

38. බහුජාතික සහ බහුආගමික සමාජයක් තුළ අන්‍ය ආගම්වලට ද ගරු කරමින් ස්වකීය අනන්‍යතාව තහවුරු වන පරිදි ජීවත් වීම,

(1)

ජාත්‍යාලය නම් වේ.

(2)

සමානාත්මතාව නම් වේ.

(3)

සහජීවනය නම් වේ.

(4)

සමජීවිකතාව නම් වේ.

39. ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස්දෙනෙකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අතර, එයින් අනුභව කළ ආහාර වමාරා නැවත ආහාර ගන්නා තැනැත්තා,

(1)

ආහාර හත්ථක නම් වේ.

(2)

අලංසාටක නම් වේ.

(3)

තත්ථාවට්ටක නම් වේ.

(4)

භුත්තව මිතක නම් වේ.

40. පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව,

(1)

කාම තණ්හාවයි.

(2)

භව තණ්හාවයි.

(3)

විභව තණ්හාවයි.

(4)

රස තණ්හාවයි.