E

smartlearner.lk

O/L 2020 Buddhism Smart MCQ paper paperSinhala medium

1. බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යයෙක් නොවන බවත් බුද්ධ නම් වන බවත් දේශනා කරනු ලැබුවේ,

(1)

සොත්ථිය බමුණාට ය.

(2)

හුහුංක බමුණාට ය.

(3)

ද්‍රෝණ බමුණාට ය.

(4)

භාරද්වාජ බමුණාට ය.

2. රජ්ජුමාලා, මට්ටකුණ්ඩලී වැනි අයට පිහිටවීම තුළින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගේ,

(1)

පුරිසදම්මසාරථී ගුණයයි.

(2)

යථාවාදී තථාකාරී ගුණයයි.

(3)

තාදී ගුණයයි.

(4)

අසරණ සරණ ගුණයයි.

3. ආර්ය මාර්ගයෙහි ගමන් කළ හෙයින්ද, සුන්දර වූ නිවනට සැපත් වූ හෙයින්ද, යහපත් වචන පවසන හෙයින්ද බුදුරජාණන් වහන්සේ,

(1)

අරහං නම් වන සේක.

(2)

භගවා නම් වන සේක.

(3)

සුගත නම් වන සේක.

(4)

ලෝකවිදූ නම් වන සේක.

4. බුදුරජාණන් වහන්සේ පළමු වස්කාලය ගතකළේ,

(1)

බරණැස ඉසිපතන මිගදායේ ය.

(2)

විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ ය.

(3)

පාරිලෙය්‍ය වනයෙහි ය.

(4)

අජපාල නුගරුක මුල ය.

5. සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස ගණයට අයත් නොවන්නේ පහත කරුණු අතුරෙන් කුමක් ද?

(1)

කීර්තිය පැතිරීම

(2)

ඕනෑම පිරිසක් වෙත නිර්භයව එළඹිය හැකිවීම

(3)

සිහිමුලාවී කලුරිය කිරීම

(4)

මරණින් මතු සුගතියෙහි උපත ලැබීම

6. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ සූවිසි ගුණ ශිෂ්‍ය ජීවිතයක සාර්ථකත්වයට උපයෝගි කරගත හැක්කේ, එම ගුණ,

(1)

ඉගෙනීමෙනි.

(2)

චරිතායනය කිරීමෙනි.

(3)

සජ්ඣායනා කිරීමෙනි.

(4)

අන් අයට කියාදීමෙනි

7. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් සමූහය,

(1)

දස කුසලකර්ම නම් වේ

(2)

දස සිල් නම් වේ.

(3)

දස පාරමිතා නම් වේ.

(4)

දස පුණ්‍යක්‍රියා නම් වේ.

8. ‘තෘෂ්ණා මාන මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී, කරුණා ප්‍රඥාවෙන් යුතුව ජීවිතය විනාශ වී ගියද සත්‍යගරුක වීම’ ධර්මයේ හඳුන්වනු ලබන්නේ,

(1)

සමතිස් පාරමී නමිනි.

(2)

සත්‍ය පාරමි නමිනි.

(3)

සත්‍ය උප පාරමි නමිනි.

(4)

සත්‍ය පරමත්ථ පාරමී නමිනි.

9. අප මහ බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව ප්‍රගුණ කළ අවස්ථාවකට නිදසුනක් වන්නේ,

(1)

වෂ්ණුපථ ජාතකයයි

(2)

උම්මග්ග ජාතකයයි

(3)

වට්ටක ජාතකයයි.

(4)

තේමිය ජාතකයයි

10. “ගෞතමයන් වහන්ස, ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටියි. කවරෙක් නම් මෙම අවුල් නිරවුල් කරන්නේ ද?" මෙම ප්‍රශ්නයට දුන් පිළිතුරෙහි ඇතුළත් ගැටලු විසඳීමේ ක්‍රමය වන්නේ,

(1)

ත්‍රි ශික්ෂා වැඩීමයි.

(2)

ත්‍රි ලක්ෂණය වැඩීමයි.

(3)

ත්‍රි විද්‍යා වැඩීමයි.

(4)

ත්‍රි වේදය වැඩීමයි.

11. ගිහියෙකු ලෞකික ජීවිතයක් ගත කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය ගෘහස්ථ සීලය නම් වන අතර එයින් ගිහියාගේ නිත්‍ය සීලය ලෙස හැඳින්වෙන්නේ,

(1)

අෂ්ටාංග සීලයයි.

(2)

දස සීලයයි.

(3)

ආජීව අෂ්ටමක සීලයයි.

(4)

පංච සීලයයි.

12. ලෝකයා, සත්ත්වයා යැයි කියනු ලබන ස්කන්ධ ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැන කරනු ලබන භාවනාව හඳුන්වනුයේ,

(1)

සමථ භාවනාව නමිනි.

(2)

විපස්සනා භාවනාව නමිනි.

(3)

පිළිකුල් භාවනාව නමිනි.

(4)

ආනාපානසති භාවනාව නමිනි.

13. ත්‍රිවිධ රත්නයෙහි ගුණ නුවණින් දැන ඇතිකර ගන්නා පැහැදීම ධර්මයෙහි හැඳින්වෙන්නේ,

(1)

අචල භක්තිය ලෙසයි.

(2)

අවෙච්චප්පසාදය ලෙසයි.

(3)

සල්ලේඛ ප්‍රතිපදාව ලෙසයි.

(4)

අමූලිකා සද්ධා ලෙසයි.

14. බුද්ධාදී අටතැන්හි සැක කිරීම ධර්මයෙහි හැඳින්වෙන්නේ,

(1)

කාමච්ඡන්ද නමිනි.

(2)

ව්‍යාපාද නමිනි.

(3)

ථිනමිද්ධ නමිනි.

(4)

විචිකිච්ඡා නමිනි.

15. දිගුකලක් නැවත නැවත කිරීමෙන් ප්‍රබලත්වයට පත්වන චේතනා පෙරටුකරගත් ක්‍රියා හෙවත් කුසලාකුසල කර්ම ධර්මයෙහි හැඳින්වෙන්නේ කුමන නමකින් ද?

(1)

වේදනා

(2)

සඤ්ඤා

(3)

සංඛාර

(4)

විඤ්ඤාණ

16. ‘රථය’ යන සම්මුතිය විවිධ අංගෝපාංග එක් වී සෑදී ඇත්තාක් මෙන් ‘සත්ත්වයා' යන සම්මුතිය ද විවිධ අංග එක්වීමෙන් සෑදී ඇත. ඒ අනුව සත්ත්වයා සැකසී ඇති අංග හඳුන්වන්නේ,

(1)

පංචස්කන්ධය නමිනි.

(2)

පංච මහාභූත නමිනි.

(3)

පංච ඉන්ද්‍රිය නමිනි.

(4)

පංච බල නමිනි.

17. තිදොරින් සිදු කරන අකුසල කර්ම අතර වචී කර්ම ගණයට අයත් නොවන අකුසලය කුමක් ද?

(1)

පිසුනාවාචා

(2)

පරුසාවාචා

(3)

සම්පප්පලාපා

(4)

අභිධ්‍යා

18. සෞභාග්‍යමත් යහපත් කාලයක උපත ලද පුද්ගලයාට කාලය යහපත්වීම නිසාම වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසී පාප කර්මවල විපාක නොලැබී යයි. ධර්මයෙහි මෙය හැඳින්වෙන්නේ,

(1)

ගති සම්පත්ති නමිනි.

(2)

උපධි සම්පත්ති නමිනි.

(3)

කාල සම්පත්ති නමිනි.

(4)

ප්‍රයෝග සම්පත්ති නමිනි.

19. කර්මය හා කර්ම විපාකය පිළිබඳ බෞද්ධ විග්‍රහයට අනුව අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන තැනැත්තා,

(1)

නිරෝගීව උපදී.

(2)

මහේශාක්‍යව උපදී.

(3)

බුද්ධිමත්ව උපදී.

(4)

මහාභෝගීව උපදී.

20. “චතුරාර්ය සත්‍යය නොදැනීම හේතු කොටගෙන කුසලාකුසල කර්ම රැස් කරයි” යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද පාඨය වන්නේ,

(1)

(1) “අවිජ්ජා පච්චයා සංඛාරා” යන්නයි.

(2)

“සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්නයි.

(3)

“වේදනා පච්චයා තණ්හා” යන්නයි.

(4)

“උපාදාන පච්චයා භවෝ” යන්නයි.

21. “වෛර කරන්නවුන් අතර අපි අවෛරීව සුවසේ වාසය කරමු” මෙම අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක් ද?

(1)

“තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති"

(2)

“න හි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං”

(3)

“අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති”

(4)

“සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනෝ”

22. ධාර්මිකව උපයා සපයාගත් ධනය ගිනි, සොර, සතුරු ආදීන්ගෙන් විනාශවීමට ඉඩ නොදී මනාව සුරක්ෂිත කරගැනීම හැඳින්වෙන්නේ,

(1)

උට්ඨාන සම්පදා නමිනි.

(2)

ආරක්ඛ සම්පදා නමිනි

(3)

කල්‍යාණමිත්තතා නමිනි.

(4)

සමජීවිකතා නමිනි.

23. බුදුරජාණන් වහන්සේ විසින් අනුවණයින් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම ආදී පුද්ගල දියුණුවට ඉවහල් වන කරුණු දේශනා කරනු ලැබුවේ,

(1)

දෙවියකුට ය.

(2)

බ්‍රාහ්මණයකුට ය.

(3)

ගෘහපතියකුට ය.

(4)

භික්ෂුවකට ය.

24. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි භාර්යාවගෙන් තම ස්වාමිපුරුෂයාට ඉටුවිය යුතු යුතුකම් අතරට අයත් නොවන කරුණ ඇතුළත් වරණය කුමක් ද?

(1)

ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම

(2)

ඇසුරු කරන පිරිවර ජනයාට සංග්‍රහ කිරීම

(3)

උපයන ලද ධනය මනාව ආරක්ෂා කිරීම

(4)

ඇඳුම් පැලඳුම් සපයාදීම

25. ධනය හෙවත් භෝග සම්පත මනාව කළමනාකරණය කිරීමේ ඇති වටිනාකම අවධාරණය කරමින් අනේපිඬු සිටුතුමාට දේශනා කළ සූත්‍ර ධර්මය කුමක් ද?

(1)

පරාභව සූත්‍රය

(2)

ධම්මික සූත්‍රය

(3)

පත්තකම්ම සූත්‍රය

(4)

ව්‍යග්ඝපජ්ජ සූත්‍රය

26. “ස්වාමීනි අපි පස්කම් සැප අනුභව කරමින්, අඹුදරුවන් නිසා වන කරදර සහිතව ගිහිගෙයි වාසය කරමු. අපගේ මෙලොව හිතසුව පිණිස වන දහමක් දේශනා කරන සේක්වා” මෙම ඉල්ලීම කරනු ලැබුවේ,

(1)

කසීභාරද්වාජ බමුණා විසිනි.

(2)

දීඝජාණු කෝලිය පුත්‍රයා විසිනි.

(3)

සිගාල ගෘහපති පුත්‍රයා විසිනි.

(4)

අනේපිඬු සිටුතුමා විසිනි.

27. බුදුදහමට අනුව හට ගැනීමේ ස්වභාවය ඇති සෑම දෙයක්ම නැතිවීමේ ස්වභාවයෙන් ද යුක්ත වේ. මෙම සිද්ධාන්තය බුදුදහමේ පැහැදිලි කරන්නේ,

(1)

ලෝක ධර්ම ලෙස ය.

(2)

ලෝකෝත්තර ධර්ම ලෙස ය.

(3)

අනිත්‍ය ධර්ම ලෙස ය.

(4)

අචින්ත්‍ය ධර්ම ලෙස ය.

28. ‘යම් බීජයක් වපුරා ඒ අනුව ඵල ලබයි. යහපත් ක්‍රියා තුළින් යහපත් විපාක ද ලබයි.’ මෙම අදහස දැක්වෙන ගාථාවේ මුල් පද දෙක කුමක් ද?

(1)

" යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං”

(2)

“යෙ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ”

(3)

“මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා”

(4)

“සද්ධා බීජං තපෝ වුට්ඨි - පඤ්ඤා මෙ යුගනංගලං"

29. බෞද්ධ පංච බලි සංකල්පයේ එන ‘අතිථි බලි’ යන්නෙහි අර්ථය වන්නේ, උපයාගත් ධනයෙන්,

(1)

ඥාතීන්ට සංග්‍රහ කිරීමයි.

(2)

ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමයි.

(3)

මියගිය ඥාතීන්ට පින්දීමයි.

(4)

රජයට ගෙවිය යුතු බදු ගෙවීමයි.

30. “සත්ත්වයෝ කර්මය ස්වකීය කොට, දායාද කොට ඇත්තාහ. කර්මය නිසාම හීන බව, උසස් බව ඇති වේ.” බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ,

(1)

ඡත්ත මානවකයාට ය.

(2)

උග්ග සිටු පුත්‍රයාට ය.

(3)

සුභ මානවකයාට ය.

(4)

සුදත්ත සිටුතුමාට ය.

31. දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිගහැර අත්ල ඉදිරියට සිටින සේ නිරූපණය කෙරෙන මුද්‍රාව හඳුන්වන නම කුමක් ද?

(1)

ධ්‍යාන මුද්‍රාව

(2)

අභය මුද්‍රාව

(3)

විතර්ක මුද්‍රාව

(4)

ධර්මචක්‍ර මුද්‍රාව

32. බෞද්ධ ධර්ම සන්නිවේදනයෙහිලා භාවිත ප්‍රධාන මාධ්‍යයක් වන චිත්‍ර කලාව යුග කිහිපයක් ඔස්සේ අනන්‍ය වූ ලක්ෂණ සහිතව සංවර්ධනය විය. එහිලා අනුරාධපුර යුගයට අයත් පැරණි සිතුවම් විද්‍යමාන වන ස්ථාන දෙකක් ඇතුළත් වරණය කුමක් ද?

(1)

දිඹුලාගල හා මහියංගනය

(2)

මහියංගනය හා සීගිරිය

(3)

හිඳගල හා දිඹුලාගල

(4)

සීගිරිය හා හිඳගල

33. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වන පරිදි අනුරාධපුර යුගයට අයත් සඳකඩපහණින් සංකේතවත් කර ඇත්තේ,

(1)

ආගමික සහජීවනයයි.

(2)

භව චක්‍රයයි.

(3)

ආර්ය භාවයයි.

(4)

කෘෂි ජීවන ක්‍රමයයි.

34. ස්තූපයේ ආරක්ෂාවට ඉදිකළ පියස්සක් සහිත ගෘහය හඳුන්වන නම කුමක් ද?

(1)

චේතියඝරය

(2)

පටිමාඝරය

(3)

බෝධිඝරය

(4)

පධානඝරය

35. සප්ත අපරිහානීය ධර්මවලට අයත් නොවන කරුණක් ඇතුළත් වරණය කුමක් ද?

(1)

දිළින්දන්ට ධනය දීම

(2)

කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම

(3)

වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීම

(4)

තම රාජ්‍යයට පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම

36. කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය කිරීමේ දී පදනම් කර නොගත යුතු යැයි කරුණු දහයක් ගෙනහැර දක්වමින්, සිතීමට හා විමසීමට නිදහස ලබාදෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මය කුමක් ද?

(1)

අනත්ත ලක්ඛන සූත්‍රය

(2)

ආදිත්ත පරියාය සූත්‍රය

(3)

කාලාම සූත්‍රය

(4)

වීමංසක සූත්‍රය

37. පාලකයකු තම රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය සහ සුවපහසුව ආදිය කැප කිරීම දසරාජධර්මවල හැඳින්වෙන්නේ,

(1)

දානය ලෙස ය.

(2)

සීලය ලෙස ය.

(3)

පරිත්‍යාගය ලෙස ය.

(4)

අවිරෝධතාව ලෙස ය.

38. සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකයට විභාෂා නම් අටුවා ග්‍රන්ථ සම්පාදනය කරනු ලැබුවේ,

(1)

තෙවැනි ධර්ම සංගායනාවේ දී ය.

(2)

අලුවිහාර ධර්ම සංගායනාවේ දී ය.

(3)

කණිෂ්ක ධර්ම සංගායනාවේ දී ය.

(4)

බුරුම ධර්ම සංගායනාවේ දී ය.

39. ධර්මාශෝක රජතුමා විසින් ක්‍රියාත්මක කරන ලද නවරට සසුන් පිහිටුවීමේ දී තෝරාගත් ප්‍රදේශය හා ඊට නායකත්වය දුන් තෙරුන් වහන්සේ නිවැරදිව සඳහන් වරණය තෝරන්න.

(1)

කාශ්මීර ගන්ධාරය මහාදේව හිමි

(2)

අපරන්ත දේශය - රක්ඛිත හිමි

(3)

හිමවන්ත ප්‍රදේශය - මජ්ඣිම හිමි

(4)

මහිස මණ්ඩලය - මජ්ඣත්තික හිමි

40. “බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිසදම්ම සාරථී යන පදය ගෙණ යනුවෙන් සඳහන් කරමින් බුදුගුණ වැයූ ග්‍රන්ථය රචනා කළේ,

(1)

බුද්ධපුත්‍ර හිමි ය.

(2)

විද්‍යාචක්‍රවර්ති ය.

(3)

ගුරුළුගෝමී ය.

(4)

ධර්මසේන හිමි ය.

41. “බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිසදම්ම සාරථී යන පදය ගෙණ යනුවෙන් සඳහන් කරමින් බුදුගුණ වැයූ ග්‍රන්ථය රචනා කළේ,

(1)

බුද්ධපුත්‍ර හිමි ය.

(2)

විද්‍යාචක්‍රවර්ති ය.

(3)

ගුරුළුගෝමී ය.

(4)

ධර්මසේන හිමි ය.