E

smartlearner.lk

O/L 2019 History Smart MCQ paper paperSinhala medium

1. නාණක විද්‍යාව විෂයයෙන් හදාරනු ලබන්නේ මින් කුමක් පිළිබඳව ද?

(1)

ලෝහ කර්මාන්තය

(2)

වාස්තු විද්‍යාව

(3)

කුඹල් කර්මාන්තය

(4)

පැරණි කාසි

2. අනුරාධපුර අවධියේ සිට කෝට්ටේ අවධියේ ආරම්භය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී උපකාරිවන දේශීය සාහිත්‍යය මූලාශ්‍ර බොහොමයක් රචනා වී ඇත්තේ කවර අරමුණක් මුල්කර ගෙන ද?

(1)

ආගමික

(2)

ආර්ථික

(3)

දේශපාලන

(4)

සමාජයීය

3. ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූවා යැයි සැලකෙන 'මිනිහාගල්කන්ද' අයත් වන්නේ කුමන වාසස්ථාන වර්ගයකට ද?

(1)

පහතරට තෙත් කලාපීය ලෙන්

(2)

පහතරට වියළි කලාපීය එළිමහන් කඳවුරු

(3)

වෙරළාශ්‍රිත එළිමහන් කඳවුරු

(4)

පහතරට වියළි කලාපීය ලෙන්

4. පරුමකවරුන්ට පැවරී තිබූ මූලික කාර්යය වූයේ,

(1)

රජතුමාට උපදෙස් දීමය.

(2)

ගම්වැසියන්ගේ සුභසාධන කටයුතු ඉටු කිරීම ය.

(3)

නගරයක් භාරව කටයුතු කිරීම ය.

(4)

වැව් පද්ධතියක් භාරව කටයුතු කිරීම ය.

5. දුටුගැමුණු රාජ්‍ය සමයට අයත්වන සිදුවීම දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A හා C

(2)

A හා D

(3)

B හා C

(4)

B හා E

6. වසභ රාජ්‍ය සමයට අයත්වන සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A හා B

(2)

A හා D

(3)

B හා C

(4)

B හා E

7. රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වූයේ,

(1)

බලය විමධ්‍යගත වීම ය.

(2)

රාජධානි අතර ගැටුම් ඇති වීම ය.

(3)

ප්‍රාදේශීය පාලකයන් බලවත් වීම ය.

(4)

බලය මධ්‍යගත වීමය.

8. ශ්‍රී ලංකාවේ ඇතැම් පාලකයන් අසල්වැසි රටවල් සමග විවාහ සබඳතා ඇති කර ගැනීමෙන් අනාවරණය වන්නේ,

(1)

අසල්වැසි රටවල පාලකයන් හා ලාංකික පාලකයන් අතර සුහදතාව පැවති බව යි.

(2)

ලාංකික රජවරුන්ගේ බලපරාක්‍රමය විදේශ රටවල ද ව්‍යාප්තව පැවති බව යි.

(3)

ඥාති සබඳතා තුළින් දේශපාලන බලය ස්ථාවර කරගත් බවයි.

(4)

විදේශ කුමාරිකාවන් සරණපාවා ගැනීම මෙරට රජවරුන්ගේ චාරිත්‍රයක්ව පැවති බව යි.

9. අතීතයේ දී විවිධ ජාතීන් අතුරෙන් වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ,

(1)

සංචාරය පිණිස ය.

(2)

වෙළදාම පිණිස ය.

(3)

අධ්‍යාපන කටයුතු පිණිස ය.

(4)

බලය අල්ලා ගැනීම පිණිස ය.

10. දීමනා හා සම්බන්ධ ඇතැම් ශිලාලිපිවල බල්ලා හා කපුටා සංකේතවත් කිරීමෙන් ජන සමාජයට ලබා දුන් පණිවුඩය වන්නේ,

(1)

දීමනාවෙන් කොටසක් බලු කපුටන්ට ද හිමි බව ය.

(2)

දීමනාවට බාධා කළවුන් මතු ආත්මයේ දී එවැනි සතුන් වී ඉපදෙන බව ය.

(3)

දීමනාව බලු කපුටන්ගෙන් පවා ආරක්ෂා කළ යුතු බව ය.

(4)

දීමනාවට අයත් ප්‍රදේශය බලු කපුටන්ට අභය භූමියක් වන බව ය.

11. කලාත්මක බව, ජල කළමනාකරණය හා තාක්ෂණය සංකලනය වූ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස අගය කළ හැක්කේ,

(1)

සොරොව්ව ය.

(2)

ගල්පාලමය.

(3)

යෝධ ඇළ ය.

(4)

කුට්ටම් පොකුණ ය.

12. අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට ළිං සෑදීමේ දී විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා, එහි බිත්ති ආවරණය කිරීමෙන් බලාපොරොත්තු වූයේ,

(1)

ජලයේ කිවුල් බව නැති කිරීම ය.

(2)

ජලය වාෂ්ප වීම වලක්වා ගැනීම ය.

(3)

ජලය වඩාත් සිසිල්ව තබා ගැනීම ය.

(4)

ජලය පිරිසිදුව ලබා ගැනීම ය.

13. වැව් බැම්ම හා සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A හා C

(2)

A හා D

(3)

B හා C

(4)

B හා D

14. සොරොව් සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක්ද?

question image

(1)

A හා E

(2)

B හා D

(3)

B හා E

(4)

C හා D

15. සැඟවී සිටින අපරාධකරුවකු අල්ලා ගැනීම සඳහා අතීත පාලකයන් යෙදූ උපක්‍රමය වන්නේ,

(1)

අපරාධකරුගේ පවුලේ ඥාතීන් අත් අඩංගුවට ගැනීම ය.

(2)

අපරාධකරු අල්ලා ගන්නා තෙක් ඔහු ජීවත් වූ ගමේ වැසියන්ගෙන් බද්දක් අය කිරීම ය.

(3)

අපරාධකරු පිළිබඳ තොරතුරු සපයන අයට ත්‍යාග ලබා දීමය.

(4)

අපරාධකරු ඇල්ලීම සඳහා ක්‍රමවත් වර පුරුෂ සේවාවක් යොදා ගැනීම ය.

16. පැරණි ශ්‍රී ලංකාවේ කාන්තාව විශේෂ ගෞරවාදරයට පත්වීමට බල පෑ ප්‍රබලම සාධකය වූයේ,

(1)

ස්වාමි භාර්යා ගෞරවය සුරකිමින් ජීවත් වීම ය.

(2)

කුල සිරිත් ආරක්ෂා කරමින් ජීවත් වීමය.

(3)

මව්වරුන් ලෙස වගකීම් උසුලමින් කටයුතු කිරීම ය.

(4)

සූප ශාස්ත්‍රය පිළිබඳ දක්ෂතා දැක්වීම ය.

17. දඹදෙණි රාජධානි සමය පිළිබඳ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A, C හා E

(2)

A, D හා E

(3)

B, C හා F

(4)

B, D හා F

18. ගම්පොළ රාජධානි සමය පිළිබඳ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A, C හා F

(2)

A, D හා E

(3)

B, C හා F

(4)

B, D හා E

19. මහනුවර රජ කළ නායක්කර් වංශික පාලකයන් අනුගමනය කළ රාජ්‍ය උරුම සම්ප්‍රදාය වූයේ රජුගෙන් පසුව, ඔහුගේ

(1)

බිසවගේ සොහොයුරා රජවීම ය.

(2)

පුතා රජවීමය.

(3)

වැඩිමහල් සොහොයුරා රජවීම ය.

(4)

අගබිසව රජවීම ය.

20. උඩරට පාලන සංවිධානය තුළ බද්දෙ සංවිධානය යටතේ ‘මඩිගෙ බද්ද’ නමින් හැඳින් වූ කාර්යාංශයට පැවරී තිබූ කටයුත්ත කුමක් ද?

(1)

ප්‍රවාහනය

(2)

රෙදි විවීම

(3)

ඇතුන් ඇල්ලීම

(4)

කුරුඳු තැලීම

21. උඩරට පාලකයන් හා පෘතුගීසින් අතර සටන් ඇති වූ ස්ථාන I තීරුවේ ද, ඒවා මෙහෙය වූ පෘතුගීසි කපිතාන් ජනරාල්වරුන් II තීරුවේ ද දැක්වේ. I තීරුව අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?

question image

(1)

B, A, C, D

(2)

B, C, D, A

(3)

C, A, D, B

(4)

C, D, A, B

22. උඩරට රජුන් සමග කටයුතු කිරීමේ දී ලන්දේසීන් අනුගමනය කළ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ,

(1)

හැකිතාක් ආර්ථික ලාභ ලබා ගැනීම ය.

(2)

රෙපරමාදු ආගම ප්‍රචාරය කිරීම ය.

(3)

උඩරට රාජ්‍යයේ කොටස් අල්ලා ගැනීම ය.

(4)

විදේශ සබඳතා අවහිර කිරීමය.

23. පළමුවැන්න බිඳ වැටීම කෙරෙහි දෙවැන්නේ බලපෑම දැක්වෙන යුගලය,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

24. දෙවැන්නේ ආරම්භයට පළමුවැන්න ක්‍රියාත්මක වීම හේතු වූ බව දැක්වෙන යුගලය,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

25. දෙවැන්නේ සාර්ථකත්වයට පළමුවැන්නේ මගපෙන්වීම හේතු වූ බව දැක්වෙන යුගලය,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

26. පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාවක් නොදැක්වෙන යුගලය,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

27. කාර්මික විප්ලව සමයේ මැකඩම් ක්‍රමය භාවිත කරන ලද්දේ,

(1)

යකඩ හා වානේ නිපදවීමටය.

(2)

දුම්රිය මාර්ග තැනීමට ය.

(3)

පාලම් ඉදි කිරීමට ය.

(4)

මහාමාර්ග තැනීමට ය.

28. පහත දැක්වෙන කාර්මීකරණයේ ප්‍රතිඵල අතුරෙන් ආර්ථීක ක්‍ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A

(2)

B

(3)

C

(4)

D

29. පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් ප්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා හා සම්බන්ධ ප්‍රකාශ දැක්වෙන පිළිතුර කුමක් ද?

question image

(1)

A හා B

(2)

B හා C

(3)

B හා D

(4)

C හා D

30. 9 වන සියවසෙ දී ශ්‍රී ලංකාවේ ඇති වූ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සම්බන්ධ අදහස් යුගල කිහිපයක් පහත දැක්වේ. ඒවායින් නොගැළපෙන යුගලය කුමක් ද?

(1)

පංචමහාවාද පැවැත්වීම - මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

(2)

පෙරිය පුරාණම් ග්‍රන්ථය පරිවර්තනය කිරීම - ආරුමුග නාවලර්තුමා

(3)

මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ඇරඹීම - රත්මලානේ ධම්මාලෝක හිමි

(4)

කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවීම - සිද්ධි ලෙබ්බෙ මහතා

31. පහත A සිට D දක්වා දී ඇති ප්‍රකාශ ඇසුරෙන් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් පිළිතුර කුමක්ද?

question image

(1)

A හා B

(2)

A හා C

(3)

B හා C

(4)

B හා D

32. යාපනය රාජ්‍යය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?

(1)

විජය කුලංකෛ යාපන රාජ්‍යයේ ආරම්භක පාලකයා ලෙස සැලකේ.

(2)

පෘතුගීසි විරෝධියකු වූ වීදිය බණ්ඩාර ආරක්ෂාව පතා යාපනයට පලායාම.

(3)

'යාල්පාන වෛපව මාලෛ ' නැමති ග්‍රන්ථයේ යාපන රාජ්‍යය පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇත.

(4)

යාපනය කුරුඳු වගාවට ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා පෘතුගීසින්ගේ අවධානයට යොමුවීම.

33. A සිට D දක්වා ඇති තනතුරු නාම අතුරෙන් සෝල්බරි සහ 1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ දී අහෝසි වූ තනතුරු නාම පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක්ද?

question image

(1)

A හා B

(2)

A හා C

(3)

B හා C

(4)

B හා D

34. සෝල්බරි ආණ්ඩුක්‍රමයෙන් මෙරටට හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණයක් දැක්වෙන පිළිතුර කුමක් ද?

(1)

රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටු වීම

(2)

සර්වජන ඡන්ද බලය ලබා දීම

(3)

පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදීම

(4)

විධායක කාරක සභා ක්‍රමය ඇති කිරීම

35. ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය මින් කුමක් ද?

(1)

ලංකා සමසමාජ පක්ෂය

(2)

එක්සත් ජාතික පක්ෂය

(3)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

(4)

ලංකා කොමියුනිස්ට් පක්ෂය

36. පහත දැක්වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ කවර අග්‍රාමාත්‍යවරයාගේ පාලන කාලයේ දී ද?

question image

(1)

ඩී. එස්. සේනානායක

(2)

ඩඩ්ලි සේනානායක

(3)

එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක

(4)

සර් ජෝන් කොතලාවල

37. ඉහත ප්‍රකාශ අනුව ගොවිජනපද පිහිටුවීමේ මූලික අරමුණ ඇතුළත් අක්ෂරය,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

38. බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් මගින් අපේක්ෂිත අරමුණක් ඇතුළත් අක්ෂරය,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

39. ‘ටෙනිස් පිටියේ දිවුරුම’ සහ ‘ස්ටේට්ස් ජනරාල් සභාව' පහත සඳහන් කිනම් ඓතිහාසික සිදුවීමක් හා සම්බන්ධ ද?

(1)

ඇමෙරිකානු නිදහස් සටන

(2)

ප්‍රංශ විප්ලවය

(3)

රුසියානු විප්ලවය

(4)

පළමුවන ලෝක මහා සංග්‍රාමය

40. අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රටකට ආර්ථික සම්බාධක පැනවීමේ වගකීම පැවරී ඇති, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනය වන්නේ,

(1)

මහ ලේකම් කාර්යාලය යි.

(2)

මහා මණ්ඩලය යි.

(3)

ආර්ථික හා සමාජ මණ්ඩලය යි.

(4)

ආරක්ෂක මණ්ඩලය යි.