E

smartlearner.lk

O/L 2020 History Smart MCQ paper paperSinhala medium

1. මහාවංසයේ මුල් කොටස රචනා කරන ලද මහානාම හිමියන් වැඩ වාසය කළේ කුමන අධ්‍යාපන ආයතනයක ද?

(1)

අනුරාධපුරයේ දික්සඳ සෙනෙවියා පිරිවෙන

(2)

පොළොන්නරුවේ ආලාහන පිරිවෙන

(3)

දඹදෙණියේ මයුරපාද පිරිවෙන

(4)

කෑරගල පද්මාවතී පිරිවෙන

2. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් සෙල්ලිපි ලිවීම ආරම්භ කොට ඇත්තේ කුමන යුගයේ දී ද?

(1)

ප්‍රාග් ඓතිහාසික

(2)

පූර්ව ඓතිහාසික

(3)

මුල් ඓතිහාසික

(4)

ඓතිහාසික

3. අනුරාධපුර යුගයේ මුල් කාලීන ශිලා ලිපිවල භාවිත කර ඇති අක්ෂර හඳුන්වන්නේ මින් කවර නමකින් ද?

(1)

ඛරෝෂ්ඨි

(2)

නාගර

(3)

පල්ලව

(4)

බ්‍රාහ්මී

No question

5. ලෙන් ලිපි හෙවත් කටාරම් ලිපිවල වැඩි වශයෙන් දැක්වෙනුයේ,

(1)

රජවරුන් පිළිබඳ තොරතුරු ය.

(2)

රජයේ ආඥා පිළිබඳ

(3)

ලෙන් පිදූ පුද්ගලයන් ගැන ය.

(4)

ආරෝග්‍යශාලා සඳහා ඉඩම් ප්‍රදාන ගැන ය.

6. විවිධ විදේශීය බලපෑම්වලට නතු වුව ද, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගී ඇත්තේ මින් කවර හේතුවක් නිසා ද?

(1)

ඉන්දියානු උපමහද්වීපයට සමීපව පිහිටීම

(2)

විශේෂ භූ විෂමතාවයකින් යුක්ත දූපතක් වීම

(3)

ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම

(4)

පෙර අපර දෙදිග වෙළෙඳ මාර්ගයේ වැදගත් මධ්‍යස්ථානයක් වීම

7. හෝමෝසාපියන් මානවයා විසින් ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් කරන ලදැයි අනුමාන කරන්නේ අදින් වසර කොපමණ ගණනකට පෙර සිට ද?

(1)

එක් ලක්ෂ විසිපන් දහසකට

(2)

අසූ දහසකට

(3)

තිස්අට දහසකට

(4)

විසිඅට දහසකට

8. අතීතයේ දී පෙරදිග රටවල, බහුතර කැමැත්තෙන් තෝරා පත්කරගත් පාලකයා හැඳින්වූයේ කුමන නමින් ද?

(1)

මපුරුමුක

(2)

ග්‍රාමික

(3)

මහාසම්මත

(4)

චක්‍රවර්ති

9. වියළි කලාපයේ කුඩා ගම්වැව් කේන්ද්‍රකර ගනිමින් ජනාවාස ව්‍යාප්ත වූයේ කුමන යුගයේ දී ද?

(1)

ප්‍රාග් ඓතිහාසික

(2)

පූර්ව ඓතිහාසික

(3)

මුල් ඓතිහාසික

(4)

ඓතිහාසික

10. මුල් ඓතිහාසික යුගයේ ගංගා නිම්නවලට පිටතින් ව්‍යාප්ත වූ ජනාවාසවල වැසියන් සිය යැපීම් ක්‍රමය ලෙස අනුගමනය කරන ලද්දේ,

(1)

සත්ත්ව පාලනයයි.

(2)

හේන් ගොවිතැනයි.

(3)

කුඹුරු ගොවිතැනයි.

(4)

වෙළෙඳාමයි.

11. පැරණි ශ්‍රී ලංකාවේ පරුමකවරුන් සතුව පැවති දේශපාලන බලය මධ්‍යගත පාලන ක්‍රමයක් බවට පත් කළ ප්‍රථම පාලකයා වූයේ,

(1)

පණ්ඩුකාභය රජතුමා ය.

(2)

කාවන්තිස්ස රජතුමා ය.

(3)

දුටුගැමුණු රජතුමා ය.

(4)

වසභ රජතුමා ය.

No question

13. පැරණි ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව ගොඩනැගුණු ජනාවාස හැඳින්වූයේ කුමන නමින් ද?

(1)

පට්ඨානගාම

(2)

කේවට්ටගාම

(3)

මණිකාරගාම

(4)

කසීකාරගාම

14. ශ්‍රී ලංකාවෙන් නිර්මාණය වී දකුණු ආසියාවට පැතිරගිය බව සැලකෙන තාක්ෂණික නිර්මාණය කුමක් ද?

(1)

බිසෝකොටුව

(2)

ස්ථූප

(3)

ජල උද්‍යාන

(4)

දැදිගම ඇත්පහන

15. නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයේ දී ‘ගවුත කණු’ සිටුවන ලද්දේ,

(1)

පොහොය කර්මය සිදු කළ භූමි සීමාව දැක්වීමට ය.

(2)

සඟ සතු කළ ඉඩම්වල සීමාවන් දැක්වීමට ය.

(3)

මහාමාර්ගවල දුර දැක්වීමට ය.

(4)

වැව් බැමිවල දිග දැක්වීමට ය.

16. සුවිශේෂි තාක්ෂණික කුසලතාවන්ගෙන් යුතු වූ, පැරණිතම වාරි නිර්මාණයක් ලෙස සංරක්ෂණය කර ඇත්තේ මින් කුමන සොරොව්ව ද?

(1)

පදවිය

(2)

මාදුරුඔය

(3)

නාච්චදූව

(4)

මින්නේරිය

No question

18. පහත දී ඇති ප්‍රකාශ අතුරෙන් පොළොන්නරු යුගය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?

(1)

බුදුදහමත්-සංස්කෘතියත් කෙරෙහි හින්දු බලපෑම් දැකිය හැකි ය.

(2)

මාඝ ආක්‍රමණය නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටිණි.

(3)

මහාතිත්ථය පොළොන්නරු යුගයේ ප්‍රධාන වරාය වශයෙන් පැවතිණි.

(4)

පාලන මධ්‍යස්ථානයක් ලෙස පළමුව පොළොන්නරුව තෝරාගත්තේ සොළීන් ය.

19. නිශ්ශංකමල්ල රජුගෙන් පසු පොළොන්නරු සිංහාසනය සඳහා කාලිංග සහ පාණ්ඩ්‍ය රාජවංශ අතර පැවති බල අරගලයේ දී පාණ්ඩ්‍ය වංශය නියෝජනය කළ කාන්තාව,

(1)

සුගලා ය.

(2)

කළ්‍යාණවතී ය.

(3)

ලීලාවතී ය.

(4)

තිලෝකසුන්දරී ය.

No question

21. යාපනය රාජ්‍යය සම්බන්ධයෙන් නොගැළපෙන ප්‍රකාශය කුමක් ද?

(1)

එහි පාලක පරපුර ‘නායක්කර්' රජ වංශයයි.

(2)

නල්ලූර් යාපන රාජ්‍යයේ අගනුවරයි.

(3)

උඩරට රාජධානියේ මෙන් භෞතික පරිසරයක් එහි නොවීමයි.

(4)

යාපන රාජධානිය බිහිවූයේ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුවයි.

22. ඉන්දියන් සාගර කලාපයේ බල අරගලයේ දී ප්‍රංශ හා ඉංග්‍රීසි ජාතීන්ට ශ්‍රී ලංකාව වැදගත් වූයේ මින් කුමන කරුණක් සඳහා ද?

(1)

ත්‍රිකුණාමල වරාය ලබාගැනීම

(2)

තම ආගම ප්‍රචාරය කිරීම

(3)

කුළු බඩු වැනි වෙළෙඳ ද්‍රව්‍ය ලබාගැනීම

(4)

වතු වගාවට යොදාගත හැකි ඉඩම් ලබාගැනීම

23. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලින් පෘතුගීසීන් නෙරපා හැරීමට කෝට්ටේ පාලකයින් අපොහොසත් වීමට තුඩුදුන් ප්‍රධානම හේතුව වූයේ,

(1)

කෝට්ටේ පාලකයන් අතර පැවති අසමගිකම් ය.

(2)

ඇතැම් සිංහල ප්‍රධානීන් පෘතුගීසීන්ට පක්ෂව කටයුතු කිරිම ය.

(3)

කෝට්ටේ පාලකයින්ට ශක්තිමත් නාවුක බලයක් නොමැති වීම ය.

(4)

මුහුදුබඩ පළාත්වල ජනතාව පෘතුගීසීන්ට සහාය දීම ය.

24. ක්‍රි.ව. 1815 උඩරට යටත් කර ගැනීම සඳහා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට විවිධ උපක්‍රම මගින් තොරතුරු ලබාදුන් පුද්ගලයා වූයේ,

(1)

මැක්ඩෝවල් ය.

(2)

රොබට් ඇන්ඩෲස් ය.

(3)

මේජර් හුක් ය.

(4)

ජෝන් ඩොයිලි ය.

No question

26. යුරෝපයේ පුනරුද සමයේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වූ වැදගත් ම වෙනස වන්නේ,

(1)

වංශාධිපතිවරුන්ගේ බලය වර්ධනය වීමයි.

(2)

ප්‍රාදේශික රාජ්‍ය වෙනුවට ජාතික රාජ්‍ය බිහිවීමයි.

(3)

රජුගේ බලතල සීමා වීමයි.

(4)

යටත්විජිත පිහිටුවා ගැනීමයි.

27. ජෝන් වයික්ලිප්, ජොන් හස් , ඉරාස්මස් හා මාටින් ලූතර් යන පුද්ගලයන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ පහත සඳහන් කුමන කරුණක් සම්බන්ධයෙන් ද?

(1)

භාෂාව හා සාහිත්‍යයේ පුනර්ජීවනයට සිදු කළ සේවය

(2)

රෝමානු කතෝලික සභාවේ ක්‍රියා කලාපය විවේචනය කිරිම

(3)

චිත්‍ර කලාවේ දියුණුවට දැක්වූ දායකත්වය

(4)

විශ්වය පිළිබඳ නව මත ඉදිරිපත් කිරීම

28. මහනුවර රාජධානි සමයේ ‘පරවේණිගම්' නමින් හඳුන්වන ලද්දේ,

(1)

විහාරාරාම සඳහා පූජා කළ ඉඩම් ය.

(2)

රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම් ය.

(3)

ගම්වැසියන් පරම්පරාගතව භුක්ති විඳි ඉඩම් ය.

(4)

රදළ ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් ප්‍රදානය කළ ඉඩම් ය.

29. ‘ජනතා පරමාධිපත්‍යය’ යන මූලධර්මයෙහි අර්ථය ඇතුළත් ප්‍රකාශය මින් කුමක් ද?

(1)

මහජන ඡන්දයෙන් පාලකයන් පත් කිරීමට හා ඉවත් කිරීමට ඇති අයිතිය

(2)

මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක දී සහනයක් ලබාගැනීමේ අයිතිය

(3)

තමන් කැමති දේශපාලන අදහස් අනුව කටයුතු කිරීමේ නිදහස

(4)

මාධ්‍ය මගින් රජය විවේචනය කිරීමේ අයිතිය

No question

No question

No question

33. දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් කිරීමට බලපෑ තීරණාත්මක සිදුවීම මින් කුමක් ද?

(1)

ඉතාලි රාජ්‍ය නායකයා ඝාතනයට ලක්වීම

(2)

ඇමෙරිකා එක්සත් ජනපදය මිත්‍ර පිලට එකතු වීම

(3)

ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය අතින් පරාජයට පත්වීම

(4)

ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම

34. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සකස් කිරීම සඳහා පදනම් වූයේ,

(1)

ටෙහෙරාන් සමුළුව ය.

(2)

අත්ලන්තික් සමුළුව ය.

(3)

මොස්කව් සමුළුව ය.

(4)

සැන් ප්‍රැන්සිස්කෝ සමුළුව ය.

35. A – “නියෝජිතයන් නැතිනම් බදුත් නැත.”, B – “මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත.”, ඇමෙරිකානු නිදහස් සටන සම්බන්ධයෙන්,

(1)

A හා B සත්‍ය වේ.

(2)

A හා B අසත්‍ය වේ.

(3)

A සත්‍ය වන අතර B අසත්‍ය වේ

(4)

A අසත්‍ය වන අතර B සත්‍ය වේ

36. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් රුසියානු විප්ලවය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?

(1)

විප්ලවය ආරම්භක අවධියේ ගොවිජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටියහ.

(2)

සමාජවාදී දර්ශනය ලොවපුරා ව්‍යාප්තවීම රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයකි.

(3)

ජනතාවගෙන් අධික ලෙස බදු අය කළ සාර් පාලනය ඉතා දූෂිත විය.

(4)

එකල රුසියාවේ ධනවාදී ආර්ථික ක්‍රමයක් පැවතිණි.

No question

No question

No question

40. සූවස් ඇළ ජනසතු කිරීම හා නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට සහාය වීම නිසා ලෝක අවධානයට ලක් වූ ජන නායකයා,

(1)

අබ්දුල් ගමල් නසාර් ය.

(2)

මහතීර් මොහොමඩ් ය.

(3)

ජවහල්ලාල් නේරු ය.

(4)

මාෂල් ටිටෝ ය.