E

smartlearner.lk

O/L 2018 Sinhala Smart MCQ paper paperSinhala medium

1. ඔහු අදහස් ප්‍රකාශ කළේ <b>උගුරට හොරා බෙහෙත් කන්නා සේ</b> ය.තද කළු අකුරෙන් මුද්‍රිත කොටස අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.

(1)

කිසිවෙකුට නොදැනෙන්නාක් මෙන්.

(2)

උගුරට නොදැනෙන පරිදි බෙහෙත් ගිලින්නාක් සේ.

(3)

අනුන්ගේ බලකිරීම ඉටු කරන්නාක් මෙන්.

(4)

යමක් වසන් කරන්නාක් මෙන්.

2. <b>අල්ලේ පැලවෙන බොරු</b> කීමෙන් සමහරු තම කීර්තිනාමය නැති කර ගනිති.තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.

(1)

කෙනෙකු රවටන බොරු බස්.

(2)

කෙසේ වත් විශ්වාස කළ නොහැකි දේ.

(3)

ඇදහීමට තරමක් දුෂ්කර කරුණු.

(4)

අල්ල මත පැලවෙන දේ.

3. කියනදේ <b>වහෙන් ඔරෝ</b> නොකියා කෙලින් කියන්න.තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.

(1)

සෘජු ආකාරයෙන්.

(2)

ඔහෙන් වරෝ යන ලෙසින්.

(3)

ව්‍යාංග්‍යයෙන්.

(4)

කෙනෙකුට නොදැනෙන අයුරින්.

4. තාරකා විද්‍යාඥයෝ උපකරණ භාවිතයෙන් ග්‍රහ වස්තූන්ගේ පිහිටීම....................කර අනාවැකි පළ කරති.හිස්තැනට වඩාත් සුදුසු වචන තෝරන්න.

(1)

පරීක්ෂණය.

(2)

නිරීක්ෂණය.

(3)

අධීක්ෂණය.

(4)

අන්වේෂණය.

5. භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහිලා....................ඉතා වැදගත්ය.හිස්තැනට වඩාත් ගැළපෙන වචනය තෝරන්න.

(1)

ශබ්දෝච්චාරණය.

(2)

සුඛෝච්චාරණය.

(3)

සාවද්‍යෝච්චාරණය.

(4)

අනුච්චාරණය.

6. අධ්‍යාපනයෙහි දී....................හිමිවිය යුත්තේ ප්‍රමාණාත්මකභාවය ට නොව ගුණාත්මකභාවයට ය.හිස්තැනට වඩාත් ගැළපෙන වචනය තෝරන්න.

(1)

ප්‍රමුඛත්වය.

(2)

ප්‍රභලත්වය.

(3)

යෝග්‍යත්වය.

(4)

උච්තත්වය.

7. අකාරාදී පිළිවෙල නිවරදිව දැක්වෙන පද පේළිය තෝරන්න.

(1)

අනුරාධපුරය, අවිස්සාවේල්ල, අම්පාර, අඹේවෙල.

(2)

රත්නපුරය, රන්ටැඹේ, රන්දෙණිගල, රතුපස්වල.

(3)

කඩුවෙල, කතරගම, කන්කසන්තුරේ, කල්මුනේ.

(4)

ගල්කිස්ස, ගල්ගමුව, ගම්පොල, ගනේමුල්ල.

8. සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදිව යෙදී ඇති පද පේළිය තෝරන්න.

(1)

වීරෝදාර, මර්දනය, ප්‍රතිඵල, ප්‍රස්තාවනාව.

(2)

දර්ශන, විමර්ශණ, ඝර්ෂණ, තීක්ෂණ.

(3)

නර්ථන, නිශ්ශංකමල්ල, ලංකේශ්වර, වර්ධනය.

(4)

නින්දාලාප, කර්ණරසායන, සංශරණය, ප්‍රතිලාභ.

9. එක් එක් වචනය දෙවැනි අකුරෙහි ඉස්පිල්ල, දීර්ඝ පාපිල්ල, ඇදය හා ගැටපිල්ල අනුපිළිවෙලින් යෙදී ඇති වරණය තෝරන්න.

(1)

අභූත, විවෘත, අලියා, නිවරදි.

(2)

අලියා, අභූත, විවෘත, නිවැරදියි.

(3)

විවෘත, අලියා, නිවැරදි, අභූත,

(4)

අලියා, අභූත, නිවැරදි, විවෘත.

10. 'රතුපුල්' යන්න අයත් වන්නේ,

(1)

අන්‍යාර්ථ සමාසය ට ය.

(2)

විශේෂණ සමාසය ට ය.

(3)

විභක්ති සමාසය ට ය.

(4)

අව්‍ය සමාසය ට ය.

11. උක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.

(1)

දරුවෙක්, මම, දෙවඟනක්, ලේඛකයෝ.

(2)

ළමයින්, මිනිසා, වඳුරෙක්, ශිෂ්‍යාවක.

(3)

මා, බඹකු, නයෙක්, ගුරුවරු.

(4)

ධාවකයෙක්, නිළියක්, තා, දිවියෙක්.

12. 'ප්‍රසංග + ඉක' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍ය එක් වූ විට නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.

(1)

ප්‍රාසාංගික.

(2)

ප්‍රසාංගික.

(3)

ප්‍රාසංගික.

(4)

ප්‍රසංගික.

13. "භයානක වග වලස් ආදීහු වනයෙහි ඔබ - මොබ සැරි සරති."යන වාක්‍යයේ 'වනයෙහි' යන්නෙහි විභක්තිය කුමක්ද?

(1)

සම්බන්ධ.

(2)

ආධාර.

(3)

සම්ප්‍රදාන.

(4)

කර්ම.

14. වත්මන් තරුණ පරපුරට සාහිත්‍ය මූල්‍ය ධර්ම පිළිබඳ 'පෘථුල' අවබෝධයක් නැත. පෘථුල යන්නෙහි අර්ථය නිවැරදිව දැක්වෙන්නේ,

(1)

ප්‍රමාණවත්.

(2)

පරිණත.

(3)

පළල්.

(4)

ගැඹුරු.

15. යුද්ධයෙන් දිනීමට නම් සතුරු සේනා 'මූලෝත්පාටනය කළ යුතුය. මූලෝත්පාටනය යන්නෙහි අදහස නිවැරදිව දැක්වෙන්නේ,

(1)

ඝාතනය.

(2)

මුලිනුපුටා දැමීම.

(3)

උදුරා දැමීම.

(4)

ඡේදනය.

16. 'ව' යන්න 'දන්තෝෂ්ඨජ' අක්ෂරයකි. දන්තෝෂ්ඨජ යන්නෙහි අර්ථය වන්නේ,

(1)

දත් වලින් හටගන්නා.

(2)

තොල් වලින් හටගන්නා.

(3)

දත්වලින් හා බෝට්ටුවෙන් හට ගන්නා.

(4)

දත්වලින් හා තොල්වලින් හට ගන්නා.

17. මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න.

(1)

තද්ධිත - සිරිමත්, දිරිමත්, කුල්මත්, ඉසුරුමත්.

(2)

සන්ධි - නිලුපුල්, වමත, දබරගිල්ල,පුරගන.

(3)

කෘදන්ත - නැටිලි, පැනිලි, දිවිලි, විමසිලි.

(4)

විධි ක්‍රියා - බලව, කරවු, කියග, දුව.

18. දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්‍යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය තෝරන්න.

(1)

ලෝපය ආදේශය, ආගමය, දීර්ඝය.

(2)

කණ්ඨජ, අණ්ඩජ, තාලුජ, මූර්ධජ.

(3)

ත්‍රිකෝණය, චතුරශ්‍රය, රොම්බසය, ෂඩාශ්‍රය.

(4)

පුස්තකය, පරිච්ඡේදය, ඡේදය වාක්‍ය.

19. එක් එක් පද පේලියේ දී ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.

(1)

කත-කාන්තාව, සියපත-නෙළුම, පර්වතය-ගිරි,නුවණ-ඇස.

(2)

කුරුල්ලා-විහඟ,ශාස්ත්‍රය-ධර්මය,වත-මුහුණ,මත්ස්‍යයා-මසු.

(3)

වෙළෙන්දා-වාණිජ,රථය-රිය,දෙවියා-අසුර,අත-බාහු.

(4)

වෘක්ෂය-ගස,මල-පුෂ්පය,අලුයම-ප්‍රභාතය,හිස-ශීර්ෂය.

20. මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වරනය තෝරන්න.

(1)

භූමි- පොළොව, පඨවි, මිහි, ධරණි.

(2)

සූර්යයා- රවි, හිරු, දිනකර, දිනිඳු.

(3)

මුහුද- සයුර, ජලනිධි, සමුද්‍රය, කරදිය.

(4)

සුළඟ වායු, නල, වාතය, පවන.

21. විරුද්ධාර්ථ වත් පද යුගලයක් ඇතුළත් නොවන වරනය තෝරන්න.

(1)

ප්‍රබන්ධ - සුප්‍රබන්ධ.

(2)

ආගමන - විගමන.

(3)

ශත්‍රැ - මිත්‍ර.

(4)

උක්ත - අනුක්ත.

22. මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය කුමක්ද?

(1)

සංචාරකයා සමින් වැසූ පාවහන් පැළඳ ගමන් කළේය.

(2)

අසරණ දරුවා සිඟා ගත් බත් කමින් සිටියේ ය.

(3)

බන්ධනාගාර නිලධාරියා සිරකරුවා දමින් බැන්ද එතැනට ගෙන ආවේය.

(4)

දුටුගැමුණු රජතුමා 'ස්වර්ණමාලී' නමින් මහා ථූපය නම් කළේය.

23. වැරදි අදහස් දෙන ප්‍රකාශය තෝරන්න.

(1)

'රේඵය' වෙනුවට 'ර්' යෙදිය හැකිය.

(2)

'සම්භාව්‍ය ක්‍රියාව' කාලාර්ථයේ මෙන්ම අනියමාර්අථයේ ද යෙදේ.

(3)

'නටමි' යනු වර්තමාන කාල, උත්තම පුරුෂ, ඒකවචන ආඛ්‍යාත පදයකි.

(4)

ඓතිහාසික යන වචනය මෙන්ම ඓඓතිහාසික යන්න ද නිවැරදි ය.

24. දන්තජ අක්ෂර පමණක් අන්තර්ගත වචනය තෝරන්න.

(1)

සැනසුම.

(2)

ලස්සන.

(3)

දවස.

(4)

තනතුර.

25. පහත දී ඇති අක්ෂර ගැළපීමෙන් නිර්මාණය වන ග්‍රන්ථ කර්තෘ නාමය ඇතුළත් වරණය තෝරන්න.

(1)

ද්‍යා ච වි ව ති න් ක්‍ර

(2)

ගි ල අ ව න කු න් ය

(3)

ර් සේ ධ න ම

(4)

ගෝ කු ළු මී රු

26. වදින්න ගිය දේවාලය හිසමත කඩා වැටුණා වගේ,ප්‍රස්තාව පිරුලට වඩාත් ගැළපෙන අදහස තෝරන්න.

(1)

දේවාලය දිරා ගොස් තිබූ නිසා හිස මත කඩා වැටීම.

(2)

යම් පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට එය ඉටු නොවීම.

(3)

එ කරදරයක් අතරතුර තවත් කරදරයකට මුහුණ දීම.

(4)

පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට තවත් විපතකට මුහුණ පෑම.

27. ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ,ප්‍රස්ථා පිල්ලට වඩාත් ගැළපෙන අදහස තෝරන්න.

(1)

ලබා ගත නොහැකි දෙයකට බලාපොරොත්තු තැබීම.

(2)

ඉතා අමාරුවෙන් යමක් ලබා ගැනීම.

(3)

නැති දෙයක් කෙසේ හෝ ලබා ගැනීම.

(4)

සඟවා ගෙන තිබෙන දෙයක් ඉල්ලා ගැනීම.

28. A - දෑස - ස්වරාදේශ සන්ධිය. B - පොල්ලත්ත - පරරූප සන්ධිය. C - මලසුන - ස්වර සන්ධිය. D - මුනිතුමා - පූර්ව ස්වර ලෝප සන්ධිය. A,B,C,D යෙදුම් අතරින් නිවැරදි වන්නේ,

(1)

A හා B පමණි.

(2)

A හා C පමණි.

(3)

B හා C පමණි.

(4)

C හා D පමණි.

29. ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.

(1)

මම ද නංගි ද මල්ලි ද ගමට යති.

(2)

මම ද නංගි ද මල්ලි ද ගමට යමු.

(3)

මම ද නංගි ද මල්ලි ද ගමට යයි.

(4)

නංගි ද මල්ලි ද මම ද ගමට යමි.

30. ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.

(1)

ගායකයෝ ගී නොගයති'යි පිරිස හූ කීහ.

(2)

තරුවන් පිණිස යමක් කරන්නැ'යි නගරාධිපතිතුමා ඉල්ලා සිටියහ.

(3)

සියලු ජාතීන් සාමයෙන් ජීවත් වෙත්වා!

(4)

එදිරිවීර සරච්චන්ද්‍ර දක්ෂ නාට්‍යකරුවෙකු මෙන්ම ප්‍රකට නවකතා රචකයෙක් ද විය.

31. A.පොදු ජනයාගේ දැනගැනීම....................මේ පත්‍රිකා බෙදා හරිමි. B.ගුරුවරුන් එතැනට පැමිණි....................ශිෂ්‍යයෝ අරගලය නතර කළහ. C.ගුත්තිල පඬිතුමා, මූසිල දරුවකු...................රැක බලා ගත්තේය. D.කොග්ගල මහා ප්‍රාඥයා.....................මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය රචනා කළේය. ඉහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග නිපාත පද අනුපිළිවෙලින් කුමක්ද? E-මෙන් F-උදෙසා G-හෙවත් H-නිසා

(1)

HEFG

(2)

FEGH

(3)

FHEG

(4)

FEHG

32. පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද? "මං ඉඳහිට වෙල පැත්තට යනවා"

(1)

මම කලාතුරකින් කුඹුර දෙසට යමි.

(2)

මම බොහෝ කලකට පසු කුඹුරට යමි.

(3)

මම ඉඳහිට කුඹුර දෙසට ගොස් පැමිණෙමි.

(4)

මම මාස කිහිපයකට පසුව කුඹුරට යමි.

33. ' සහ නිව්යෝර්ක් නුවර ' නමැති පද්‍ය පන්තිය නිර්මාණය කරන ලද්දේ,

(1)

ගුණදාස අමරසේකර මහතා ය.

(2)

මහගමසේකර මහතා ය.

(3)

විමල් දිසානායක මහතා ය.

(4)

පරාක්‍රම කොඩිතුවක්කු කොඩිතුවක්කු මහතා ය.

34. රූපකයන් රහිත වරණය තෝරන්න.

(1)

රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී.

(2)

කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර.

(3)

මී දේ දුව ඉසට නැගු ව - ඉඳුනිල් මිණි සේසතක් ය.

(4)

මිහිලිය නළලේ අංජන තිලකේ.

35. "හිරි ඔතප් ලද නියාවට කාරණා පෑවා සේ වාලධිය අමුඩි හස්සෙහි ගන්වා"යන පාඨයෙහි ' වාලධිය ' යන වචනයේ අර්ථය කුමක්ද?

(1)

පසු පස කකුල

(2)

කන් දෙක

(3)

අමුඩය

(4)

වල්ගය

36. පහත සඳහන් කවියේ තුන්වැනි පදය තෝරන්න. "පෙර විරුවන් ඔබගෙ පුතේ ඉදිකළ වැව් බලන් පුතේ ........................................... ඒ මහා වැව් බැඳුනේ පුතේ"

(1)

දෑ උරුමය ඇතිව සිතේ.

(2)

දෑතේ සවියෙන් යි පුතේ.

(3)

සුරු විරුකම් ඔබට ඇතේ.

(4)

මව්බිම දෙස බලන් පුතේ.

37. "ඔන්න මං ගැටයා කාලේ නං නේරු අගමැති තුමා ඉස්සරහ, මහ රැජි ඉස්සරහ, සියම් කුමාරයා ඉස්සරහ නැ නටවල ප්‍රශංසා ලබන තියෙනවා." මේ සංවාද කාණ්ඩය ඇතුලත් නාට්‍ය කුමක්ද?

(1)

පල මල පිපිලා.

(2)

හුණුවටයේ කතාව.

(3)

සිංහබාහු.

(4)

ගුරුතරුව.

38. හෙළ ගොවිතැන ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'වාංපතුල්' යනු,

(1)

මර උගුල් ය.

(2)

වඳුරන්ගෙ පාදයන් ය.

(3)

පාවහන් ය.

(4)

සතුන්ගේ හම්පොතු ය.

39. උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ ලකල ගුවන් තල සිරි යහන නිකසළ අතුළ කුසුම් විලසින් සැදෙත තුරුවැළ" යන කවියෙන් කියවෙන්නේ,

(1)

වන වැනුමක් ගැනය.

(2)

හිරු බැස යන අවස්ථාවක් ගැනය.

(3)

රජකුගේ සිරි යහනක් ගැනය.

(4)

නිශා වර්ණයක් ගැනය.

40. පහත සඳහන් පාඨය අර්ථයට වඩාත් සමීප අදහස දෙන වරනය තෝරන්න. "මතුපිටින් පෙනෙන වාච්‍යාර්ථය නොව ව්‍යාංගාර්ථය ද අවබෝධ කළ යුතුය.පස්සේ බුද්ධිගෝචර වන කොටස පමණක් නොව හෘදය ගෝචර වන කොටස ද දත යුතුය."

(1)

වචනාර්ථය හා ව්‍යාංග්‍යයෙන් කියවෙන අර්ථ අවබෝධ කළ යුතු අතර හදවතට හා බුද්ධියට ගෝචර වන කොටස් දැනගැනීම දැන ගැනීම ප්‍රමාණවත්ය.

(2)

මතුපිටින් පෙනෙන අර්ථ හාවන්ගෙන් කියවෙන කොටස් අවබෝධ කළ යුතු අතර බුද්ධිගෝචර හා හෘදයගෝචර කොටස් දැනගත යුතුය.

(3)

වචනය මතුපිට අර්ථය මෙන්ම ව්‍යාංග්‍යයෙන් කියවෙන අර්ථය ද බුද්ධියට ගොදුරු වන කොටස මෙන්ම හදවතට ගොදුරුවන කොටසද අවබෝධ කරගත යුතුය.

(4)

මතුපිටින් පෙනෙන වචනාර්ථය අවබෝධ කළ යුතු අතර බුද්ධිගෝචර හා හෘදගෝචර කොටස් දැනගත යුතුය.