E

smartlearner.lk

O/L 2021 Sinhala Smart MCQ paper paperSinhala medium

1. එක්වරම සභාව <b>මීයට පිම්බාක් මෙන්</b> විය.තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩා වඩාත් සමීප උත්තරය තෝරන්න.

(1)

තැනින් තැනින් ඉතා සුළු ශබ්ද මතු මතු වූවාක් මෙන්.

(2)

කිසිදු ශබ්දයකින් තොර වූවාක් මෙන්.

(3)

කිහිප දෙනෙකු කතා කරද්දි අනිත් අය නිහඬ වූවාක් මෙන්.

(4)

ඉහලට ඇද ගත් හුස්ම පහලට නොදමන්නක් මෙන්.

2. පොලිස් නිලධාරියා දුටු වහාම සොර <b>ගල් ගැසුණේය.</b>.කදු කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප උත්තරය තෝරන්න.

(1)

හිස නමා ගෙන සිටියේය.

(2)

බිමට නැමී සිටියේය.

(3)

නොසෙල් වී සිටියේය.

(4)

දෑත නොසෙල් වූයේය.

3. ජයග්‍රහකයා <b>ඉහවහා ගිය සතුටින්</b> ඔල්වරසන් දුන්නේය.තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප උත්තරය තෝරන්න.

(1)

ඉහටත් උඩින් ගිය සන්තෝෂයෙන්.

(2)

සියල්ලන් පරදවන සතුටකින්.

(3)

සතුටු සහගත සිතින්.

(4)

අධික වූ සන්තෝෂයෙන්.

4. රටක ආර්ථිකය කඩා කඩාවැටීම ඒ රටෙහි.................... හානිකර ය.හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න.

(1)

ස්ථාවරත්වයට.

(2)

අස්ථාවරත්වයට.

(3)

ප්‍රමුඛත්වයට.

(4)

සුන්දරත්වයට.

5. මේ පොත තමා විසින්ම ලියන ලද හෙවත්....................චරිත කතාවකි.හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න.

(1)

ස්වයං භාෂිත.

(2)

ස්වයං නිර්මිත.

(3)

ස්වයං ජනිත.

(4)

ස්වයං ලිඛිත.

6. 'සෲ' යන අක්ෂරය සිංහල භාෂාවෙහි....................යෙදේ.

(1)

විශේෂයෙන්.

(2)

දුර්ලභව.

(3)

සුලභව.

(4)

නිරන්තරයෙන්.

7. සෑම පදයකම අක්ෂර වින්‍යාසය නිවැරදිව යෙදී ඇති පද පේළිය තෝරන්න.

(1)

මිණිමෙවුළ,භෞතික,භීෂණය,දලදඬු

(2)

දෝලනය,ඡේදය,ගුරුලා,ගිනුම

(3)

කොළය,පර්යේෂණ,නිගණ්ඨ,සක්වළ

(4)

ප්‍රත්‍යක්ෂ,ආශ්චර්ය,සැණකෙලි,අනබෙරය.

8. ගිගිරි,කෙක්ක,කූඹියා,සාගරය යන වචන වල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙලින් දැක්වෙන වරනය

(1)

කෙටි ඉස්පිල්ල,ඇලපිල්ල,දිගු පාපිල්ල,කොම්බුව

(2)

දිගු පාපිල්ල,කොම්බුව,කෙටි ඉස්පිල්ල,ඇලපිල්ල

(3)

ඇලපිල්ල,දිගු පාපිල්ල,කෙටි ඉස්පිල්ල, කොම්බුව

(4)

කෙටි ඉස්පිල්ල,කොම්බුව,දිගු පාපිල්ල,ඇලපිල්ල

9. තනතුර යන පදයෙහි අන්තර්ගත ව්‍යාංජන අක්ෂර වර්ග වනුයේ,

(1)

දන්තජ හා මුර්දජය ය.

(2)

දන්ත හා ඕෂ්ඨජ ය.

(3)

තාලුජ හා දන්තජ ය.

(4)

තාලුජ හා මූර්ධජ ය.

10. අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පද පේළිය තෝරන්න,

(1)

අඹ, අන්නාසි, අනෝදා, ඇපල් .

(2)

පේර, රඹුටන්, දෙළුම්, පැපොල් .

(3)

දිවුල්, නාරං, වරකා, හිඹුටු .

(4)

උගුරැස්ස, කෙසෙල්, මිදි, දොඩම් .

11. අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න,

(1)

ඇතින්නක, මොගටියන්, සිංහයෝ, වඳුරා.

(2)

භික්ෂුවක, යාචකයන්, ළදරුවෙක්, වලසෙක්.

(3)

කුඹියෙක්, මානවයෙක්, සිවුපාවකු, රජකු.

(4)

කුරුල්ලකු, කිකිළියන්, වඳුරකු, ගුරුවරුන්.

12. 'විදේශ සංචාරකයෝ දුම්රියෙන් බදුල්ලට යති' යන වාක්‍යයෙහි <b>දුම්රියෙන්</b> යන්නෙහි විභක්තිය කුමක්ද?

(1)

කරණ.

(2)

අවධි.

(3)

කර්තෘ.

(4)

සම්බන්ධ.

13. 'යකඩදොර' යන්න අයත් වන්නේ,

(1)

අනර්ථ සමාසයට ය.

(2)

විශේෂණ සමාසයට ය.

(3)

අව්‍ය සමාසයට ය.

(4)

විභක්ති සමාසයට ය.

14. 'සුන්දර+ය' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍ය එක්වූ විට සකස් වන පදය නිවැරදිව දැක්වෙන වරනය තෝරන්න,

(1)

සුන්දරය.

(2)

සෞන්දර්ය.

(3)

සෞන්දර්යය.

(4)

සෞන්දරය.

15. මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න,

(1)

කෘදන්ත - දුවන, පනින, නටන, ගයන.

(2)

තද්ධිත - බලවත්, සිල්වත්, ඉසුරුමත්, අසිරිමත්.

(3)

මිශ්‍ර ක්‍රියා - කරමින් දමමින් ලියමින් බලමින්.

(4)

නිපාත - දක්වා, පටන්, මෙන්, සෙන්.

16. <b>අසම්භාව්‍ය ක්‍රියාවක්</b> යෙදී ඇති වාක්‍ය කුමක්ද?

(1)

දරුව අඬ අඬා දිව්වේය.

(2)

මගිය, වහා ගමට යව.

(3)

ඔවුන් හට කරද්දි අපි බලා සිටියෙමු.

(4)

තරුණිය සිනා සී පෙරමගට ආවාය.

17. ඇයගේ <b>මන්දස්මිතය</b> කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේය.තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න.

(1)

පිරුණු සිනහව.

(2)

මද සිනහව.

(3)

ළගන්නා සිනහව.

(4)

සුන්දර සිනහව.

18. නිවේදකයාගේ <b>කරුණකඨෝර</b> ශබ්දය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වරනය තෝරන්න,

(1)

කනට ඉමිහිරි.

(2)

කන්කලු වූ.

(3)

කන් පිනා යන.

(4)

කනට අමිහිරි.

19. <b>සුවාසූදහසක්</b> යොදුන් දුර ඇත්තේය.තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වරනය තෝරන්න,

(1)

අසූ දහසක්.

(2)

අසූ දහස් හතරක්.

(3)

අසූහාර දහසක්.

(4)

අසූහාර දහස් හතරක්.

20. දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නො පවත්නා පද පේළිය ඇතුළත් වරනය තෝරන්න,

(1)

උදැල්ල, නඟුල, හිරමනය, දෑ කැත්ත.

(2)

ළිඳ, වතුර, බාල්දිය, කඹය.

(3)

මාලය, මුද්ද, වළල්ල, කරාබුව.

(4)

කෝප්පය, ජෝගුව, කේතලය, හැන්ද.

21. පහත දී ඇති එක් එක් පද පේලියේ දක්වා ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වරනය තෝරන්න.

question image

(1)

(1)

(2)

(2)

(3)

(3)

(4)

(4)

22. මුලින් දී ඇති පදයට සමාන අර්ථයක් නොදෙන පදයක් ඇතුලත් වරනය තෝරන්න,

(1)

සිංහ - සිහ, මෘගරාජ, බාසුරු, මිගිදා.

(2)

වනය - කැළය, වනාන්තරය, අටවි, මුකළාන.

(3)

ගවයා - වෘෂභ, ගොනා, හරකා, මෘග

(4)

කිරණ - රශ්ම, කාන්ති, රැස්, කැන්.

23. විරුද්ධ අර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න,

(1)

මධුර - සුමධුර

(2)

සරල - සංකීර්ණ

(3)

දේශීය - විදේශීය

(4)

ආගමන - විගමන

24. වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න,

(1)

'එම්බල' යනු ආමන්ත්‍රණාර්ථයෙහි නිපාතයකි.

(2)

'නුඹ' යන්න මධ්‍යම පුරුෂ, ඒක වචන නාම පදයකි.

(3)

'ය,ර,ල,ව' යනු අන්තඃස්ථාක්ෂර ය.

(4)

'නරියෙක්' යන්නෙහි අනුත්ත රූපය 'නරියා' යන්න යි.

25. පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත, අර්ථාන්විත වාක්‍යය තෝරන්න.

(1)

තැනිතලා,කඳුමුදුන් පසුකර යන ගංගා ජලය ආරම්භයේ දීම සමුද්‍රයට එක්වේ.

(2)

පාඨශාලා අධ්‍යාපනයේ මුඛ්‍ය ප්‍රතිලාභ අත් කර ගනුයේ ශිෂ්‍යයන් නොව ගුරුවරුන් ය.

(3)

මානව වර්ගයාගේ උන්නතිය සඳහා ප්‍රබන්ධ මනසක් ද නිරෝගී ශරීරයක් ද අවශ්‍ය ය.

(4)

ජලභීතිකා රෝගය රෝගය නිසා සුනඛයන් පමණක් මරණයට පත්වනු දැකගත හැකිය.

26. උගතුන් නැති තැන,මදක් ඉගෙන ගත් තැනැත්තා ද උගතකු වශයෙන් පිළිගැනෙන බව.' මේ සඳහා වඩාත්ම ගැලපෙන ප්‍රස්තා පිරුල කුමක්ද?

(1)

දූලා නැතිවට වලට කනයා පණ්ඩිතයා ලු.

(2)

ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු ලු.

(3)

නටන්න බැරි මිනිහට පොළොව ඇදයි ලු.

(4)

නිවට කරනවෑමියා දැක්කම එළුවත් රැවුල පානවා ලු.

27. ,සිතෙහි හටගත් කෝපය නිසි අයුරින් නොව වෙනත් ක්‍රමයකින් පිටකර හැරීම.'මෙහි අදහසට වඩාත්ම ගැලපෙන ප්‍රස්තාපිරුල අන්තර්ගත වරණය තෝරන්න.

(1)

ගමරාල සිල් ගත්තා වගේ.

(2)

ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ.

(3)

ගලෙන් පට්ටයක් ගන්නා වාගේ.

(4)

එයා මට තඩි බාන්න වාගේ.

28. ස්වර සන්ධිට හා පූර්ව රූප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරනය තෝරන්න.

(1)

කම්මල, උනුන්.

(2)

උනුන්, කම්මල.

(3)

උනුන්, අත්දැකීම.

(4)

අත්දැකීම, කම්මල.

29. නිවැරදි ව්‍යාකරණ සහිත වාක්‍ය තෝරන්න.

(1)

සැමට සමානව සලකන උත්තමයකු බිහි වේවා!

(2)

ගුරුවරු දරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් වැඩ කළ යුතුය.

(3)

බොහෝ බුද්ධිමත්ට්තු සැදැහැවත්තු නොවෙති.

(4)

ශ්‍රී ලංකාව නොහොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය අසිරිමත් දිවයිනකි.

30. වාක්‍ය අනුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.

(1)

අක්කාද මල්ලිද මල්ලි ද මම ද පොත් පාඩම් කරමු.

(2)

නගරාධිපති බලවතෙක් ද ධනවතෙක් ද ගුණවතකු ද වූයේය.

(3)

ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව මෙවර තරගයට ඉදිරිපත් වන්නේය.

(4)

දරුව,නිවටයෙක් සේ වැඩ නො කරව'යි තාපසයා කී ය.

31. ඉහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය නිපාත පද අනුපිලිවෙල කුමක්ද?

question image

(1)

ගැන, අරබයා, සඳහා, පිණිස.

(2)

අඅරබයා, ගැන, සදහා, පිණිස.

(3)

පිරිස, සඳහා, ගැන, අරබයා.

(4)

සඳහා, ගැන, පිරිස, අරඹයා.

32. පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද? "ඉලන්දාරියා හැමදාම හැන්දෑ ජාමෙට වහං වෙනවා."

(1)

තරුණයා සමන් දිනකම හවසට සැඟවුණේ ය.

(2)

තරුණයා හැමදාම රාත්‍රී සැඟවෙන්නේ ය.

(3)

තරුණයා හැම දවසකම සන්ධ්‍යාවෙහි හැංගුණේ ය.

(4)

තරුණයා සෑම දිනකම සන්ධ්‍යා වෙලාවෙහි සැඟවෙයි.

33. පහත දැක්වෙන ගීත ඛණ්ඩය අවසන් කොටස නිවැරදිව දැක්වෙන උත්තරය තෝරන්න. මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ...........................

(1)

වීරයන්ගේ ඒ යශෝ ගීතයයි.

(2)

එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

(3)

ජීවිතය පුදා හැලූ ලේ කඳයි.

(4)

සාර වූ උදාර වූ මාතෘ භූමියයි.

34. සූර අසරුවකු අසුන් මැල්ල කරමින් විස්මයාවහ දක්ෂතාවන් විදහා දක්වන්නාක් මෙන්,නිපුන සාහිත්‍යකරුවා සාහිත්‍යකරුවාට පාඨකයාගේ සිත විස්මයෙන් පුරවා දමමින් බස පාලනය කරයි' ඉහත ප්‍රකාශය අදහස නිවැරදි ව කියැවෙන වාක්‍ය තෝරන්න.

(1)

දක්ෂ අසරුවකු අසුන් මැල්ල කරමින් පුදුමය පුතුමය උපදවන දස්කම් දක්වන්නාක් මෙන්,නිපුන සාහිත්‍යකරුවාට සාහිත්‍යකරුවාට පාඨකයාගේ බස හසුරවන්නේ විස්මය දනවන අයුරිනි.

(2)

දක්ෂ අසරුවකු විස්මයෙන් යුතුව අසුන් වෙන්න කරන්නාක් මෙන්,නිපුන සාහිත්‍යකරුවා ද පාඨකයා විස්මයට පත් කරමින් බස හසුරුවයි.

(3)

දක්ෂ අසරුවකු අසුන් අසුරුම් එල්ල කරමින් විස්මය දනවන්නක් මෙන්,නිපුන සාහිත්‍යකරුවා ද බස හසුරවමින් පාඨකයාගේ සිත විස්මයට පත් කරයි.

(4)

දක්ෂ අසරුවකු අසුන් මැල්ල කරමින් විස්මය දනවන ලෙස දස්කම් දක්වන්නාක් මෙන් නිපුන සාහිත්‍යකරුවා ද පාඨකයාගේ සිත විස්මයට පත්වන ආකාරයට බස හසුරුවයි.

35. ඈත ධූලින් වැසී ගිය ඇත් රජ යැ මෑතැ සවණක් ඝන බුදු රසින් සෑදී ගිය බුදුරජාණෝ යැ.... යනාදී වශයෙන් ඇති පාඨය අන්තර්ගතවන කෘතිය කුමක්ද?

(1)

පූජාවලිය

(2)

බුත්සරණ

(3)

අමාවතුර

(4)

සද්ධර්මරත්නාවලිය

36. "වෛද්‍ය විද්‍යාලයෙන් මට වැටුපක් ලැබෙනවා. එය මට ප්‍රමාණවත්.ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මා සිතන හා පතන ආකාරයට ක්‍රියාත්මක කිරීමට ලැබුණොත් ඒමට සතුටක්." ඒ ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින් ද?

(1)

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

(2)

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්

(3)

මහාචාර්ය සේනක බිබිලේ

(4)

මහාචාර්ය සෙනරත්

37. කෝට්ටේ අවධියේ රචනා කරන ලද සන්දේශ කාව්‍යයක් නොවන්නේ මින් කුමක්ද?

(1)

පරවි සංදේශය

(2)

සැළලිහිණි සංදේශය

(3)

ගිරා සංදේශය

(4)

මයුර සංදේශය

38. "අති ගාම්භීර ප්‍රපාතයේ වැටී ක්ෂුධාවෙන් පෙලී කෙදිරිගාමින් හොත් හොත් පුරුශයා දැක ... " යන පාඨයෙහි "ක්ෂුධාවෙන්" යන්නෙහි අර්ථය නිවැරදිව දැක්වෙන වරනය තෝරන්න.

(1)

මහන්සියෙන්

(2)

කුසගින්නෙන්

(3)

පිපාසයෙන්

(4)

බියෙන්

39. රූපකයක් ඇතුළත්වන උත්තරය තෝරන්න.

(1)

ජීවන ගංගාව

(2)

රිය සකයුරු

(3)

ඉඳුනිල් මිණි රුවනක් බදු.

(4)

දිසි රනලියෙව්.

40. ධීවර වෘත්තිය ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී "මරක්කලාහෙ" යනු.

(1)

දැල් අදින පුද්ගලයා ය.

(2)

ඔරු අයිතිකරුවා ය.

(3)

ධීවර කණ්ඩායමේ නායකයා ය.

(4)

බොරුව පදවන පුද්ගලයා ය.