E

smartlearner.lk

O/L 2020 Sinhala MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Sinhala

Year :

2020

Medium :

Sinhala medium

Question Number :

40

Time Passed :

2h

Navigation Panel

40. පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරන්න. “පාසලේ අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම රැකියා අංශයට පිළියමක් ලෙසත් බලපෑවේ ය. මෙය හුදු අත්කම් ඉගැන්වීමක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලීභාවය අවදි කිරීමක් ද විය.”

(1)

පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම මගින් රැකියා අංශයට විසඳුමක් ලැබුණා පමණක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලිත්වය මතුවීම ද සිදු විය.

(2)

පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම මගින් රැකියා හිඟය මගහැරුණු අතර අත්කම් ඉගැන්වීමෙන් ශිෂ්‍යයා නිර්මාණකරණයට යොමු කිරීම ද සිදු විය.

(3)

රැකියා හිඟයට පිළියමක් ලෙස ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයට ඇතුළත් කිරීමෙන් අත්කම් ඉගැන්වීමත් නිර්මාණශීලී ශිෂ්‍යයන් බිහි කිරීමත් සිදු විය.

(4)

ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයට ඇතුළත් කිරීමෙන් රැකියා හිඟය නැතිවුණු අතර අත්කම් ඉගැන්වීමෙන් ශිෂ්‍යයන්ගේ නිර්මාණශීලිත්වය ද ඉස්මතු විය.